මාතලේ මහරෝහලේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතින් කිහිපයක වැඩ නිමකර ජනතා අයිතියට

0
184

NEWSNOW | – මිලියන 157 ප්‍රතිපාදන යොදවා මාතලේ මහරෝහලේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතින් කිහිපයක වැඩ නිමකර ජනතා අයිතියට පත්කෙරුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන අයවලුන් සමග සහභාගි වූහ.

සමස්ත රෝහල් පරිශ්‍රයම මෙහිදි නිරීක්ෂණයට ලක්වු අතර අත්‍යවශ්‍ය හා කඩිනමින් ක්‍රියාත්මක කලයුතු ව්‍යාපෘතින් කිහිපයක් හදුනා ගෙන තිබේ. නව පරිපාලන ගොඩනැගිල්ල හා වාට්ටු සංකීර්ණයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණි.