වසන්ත කරන්නාගොඩගේ ග්‍රන්ථය එංගලන්තයේ අලෙවි කිරීමට තහනමක්

0
5

NEWSNOW | – හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ග්‍රන්ථය එංගලන්තයේ අලෙවියෙන් ඉවත් කිරීමට Amazon පියවර ගනී.

‘The Tuing Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ නමැති මෙම ග්‍රන්ථය කරන්නාගොඩගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි.

ඉංග්‍රීසි මුද්‍රණය පොත් අලෙවිකරණයේ ද යෙදෙන ඔන්ලයින් වෙළෙඳපොළක් වන Amazon එංගලන්ත ශාඛාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් ඇමේසන් හි රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත කරන ලද ඉල්ලීමකට අනුවයි.

කරන්නාගොඩගේ මෙම අලෙවි කිරීම තුළින් එංගලනතයේ සම්බාධක නීති උල්ලංඝනයක් සිදුවන බවට එම ව්‍යාපෘතිය අදාළ සමාගම වෙත දන්වා තිබුණි.

බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයෙකුට රාජකීය මුදල් ඇතුළුව සම්පත් ලබා දීම සාපරාධී වරදක් වන අතරඑයට වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකියි.

මෙය හේතුකොටගෙන කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමේසන් එංගලන්ත ශාඛාව විසින් මේ බව ලිඛිතව දැන්වූ බව ද අදාළ ව්‍යාපෘතිය සඳහන් කරනවා.

මෙම ග්‍රන්ථයේ ප්‍රකාශකයා වන්නේ Penguin Random House India ආයතනයයි. එය බ්‍රිතාන්‍යය පදනම් කොටගෙන ක්‍රියාත්මක ලොව දැවැන්තම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයකි.

පසුගිය මාර්තු 24 වැනිදා වසන්ත කරන්නාගොඩ ඇතුළු මෙරට කිහිපදෙනකුට එංගලන්ත රජය විසින් සම්බාධක පැනවීම පසුබිම් කොටගෙන අදාළ පියවර ගෙන තිබේ.

ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි 2020 යටතේ ඔහු වෙත සම්බාධක පැනවුණා. ඒ 2005 – 2009 කාලය තුළ මෙරට යුද ගැටුම් පැවති කාලයේදී නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියමින් කරන්නාගොඩ ඇතුළු සිව්දෙනකුට සම්බාධක පැනවීමට එංගලන්ත රජය පියවර ගත්තේය.

ඔවුන් වෙත සම්බාධක පැනවීම ඉල්ලා සිටීමට ද ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here