කෝටි දහයක් වටිනා ජංගම දුරකථන තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

0
219

NEWSNOW | –  රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් , ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (27) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ”
( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනාම කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. අනෙකා 32 හැවිරිදිය කර්මාන්තශාලාවක වැඩ සුපරීක්ෂකවරයෙකි .

ඔවුන් දෙදෙනා අද දින උදෑසන 07.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනතම ජංගම දුරකථන 955 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.