බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති සහ පුත්තලම House of religions නියෝජිතයින් අතර හමුවක්!

0
24

NEWSNOW | –  පුත්තලම House of religions ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ ආගමික නායකයින් වන බුද්ධියාගම චන්ද්‍රරතන හිමි, සුන්දරරාම කුරුක්කල්තුමා, කෙනඩි පියතුමා, අබ්දුල් මුජීබ් මවුලවිතුමා සහ ස්විස් රාජ්‍යයේ බෞද්ධ විහාරයේ විහාරාධිපති අනුරුද්ධ හිමියන්ද එම ආයතනයේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද සහභාගී වෙමින් ඊයේ (25) දහවල් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනවි මහතා අතර සුහද හමුවක් පැවැත්විය.

බත්තරමුල්ලේ පිහිටි සංස්කෘතික කටයුතු අමාත්‍යංශ කාර්යාලයේදී පැවති මෙම හමුවේදී පුත්තලම House of religions ආයතනය එම ප්‍රදේශයේ සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද,  එම පියවර වලින් වැදගත් යැයි සැලකෙන අන්තර් ආගමික නිවස ඉදිකිරීමට රජයට දැක්විය දායකත්වය ගැනද, කතාබහට ලක්කෙරුණි.

එසේම මහාචාර්ය සුනිල් සෙනෙවි මහතා පුත්තලම House of religions ආයතනය ඉටු කෙරෙමින් තිබෙන සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවන් පිළිබඳව තමන්ගේ ප්‍රසංශාව පල කළ අතර ඉදිරියේදී House of religions මඟින් ඉටු කිරීමට සූදානම් වන සේවාවන් සඳහා තමන්ගේත් රජයේත් සහය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

මෙහිදී House of religions ආයතනයේ යෝජිත ව්‍යාපෘති පිළිබඳ ඉල්ලීමක් අඩංගු ලිපියක් එහි ආගමික නායකයින් විසින් අමාත්‍යවරයා වෙත ලබාදෙන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here