පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බල කිරීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් – කැෆේ සංවිධානය කියයි

0
74

NEWSNOW | –  රටක නියමිත කාලසීමාව තුළ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්‍ෂණයකි. නමුත් පහුගිය කාලය තුළ අප දැක ඇත්තේ දේශපාලන පක්‍ෂ වල උවමනාවට මැතිවරණ පත්වන ස්වභාවයකි. ඇතම් අවස්ථාවල මැතිවරණ කල් දැමීමද එසේ නැතිනම් නිල කාලය අවසන්වීමට පෙර සභාව විසුරුවා හැර මැතිවරණය කලින් පවත්වා තිබේ. නමුත් පහුගිය පළාත්සභා මැතිවරණ පැවැත්වී පිළිබඳ විමසා බැලීමේදී පෙනීයන්නේ,

පළාත             මැතිවරණ දිනය          කල් ඉකුත් වූ දිනය

බස්නාහිර       2014.03.29                       2019.04.21

මධ්‍යම           2013.09.21                        2018.10.28

දකුණු            2014.03.29                        2019.04.10

උතුර              2013.09.21                       2018.10.24

නැගෙනහිර     2012.09.08                       2017.09.30

වයඹ              2013.09.21                       2018.10.10

උතුර මධ්‍යම    2012.09.08                      2017.10.01

ඌව               2014.09.20                      2019.10.08

සබරගමුව       2012.09.08                     2017.09.26

පළාත් සභා 9යේම නිල කාලය අවසන්ව ඇති නමුත් පළාත්සභා මැතිවරණයක් පැවැත්වීමේ සූදානම් තවම දක්නට නොලැබෙන බව කැෆේ සංවිධානය කියයි. මෙහි නීතිමය ගැටළුවක් පවතින බව අප දන්නා කරුණකි. එම නීතිමය ගැටළුව විසඳීමට මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු අතර එම ගැටලුව විසඳීමට හැකි ක්‍රම දෙකක් කැෆේ සංවිධානය විසින් මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව එම සංවිධානය පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් ඇති  ඉක්මනින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.