ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මියයන ගණන ඉහළට

0
110

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 281 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ ගාසා තීරයේ තවත් විශාල පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී සිටින බවය.

මේ අතර පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියන් 63,300 දෙනෙකු මියගොස් ඇත.