ආසියානු සත් සාමාජික රගර් ශූරතා තරගාවලියේ අනුශූරයන් දිවයිනට

0
131

NEWSNOW | – වයස අවුරුදු 20 න් පහළ ආසියානූ සත් සාමාජික රගර් ශූරතා තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගෙන සහ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ 07 වන ස්ථානය හිමි කර ගෙන අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ආසියානූ රටවල රගර් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ඉකුත් 08/09 සහ 08/10 දින වල ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දී පවත්වා තිබුණි.

මෙම කණ්ඩායම් දෙක අද දින උදෑසන ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මාසයක් වැනි කෙටි කාළයක් තුළ සිදු කළ පුහුණුවීම් මත තම කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෂම්ලි නවාෂ් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

මෙම රගර් කණ්ඩායම් දෙක පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ කිසිදු නිලධාරීවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයක් විය.