NEWSNOW| – පලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු , අද (08) කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළුවීමට තැත් කරත්දී , ඔහු හදුනා ගෙන , ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
මොහු අද දින 09.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම චීන ජාතිකයා සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබා ගෙන , මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සදහා පැමිණෙන බව කටුනායක ආගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණ ද , එහිදී තමන් දරන තනතුර පිළිබද පැහැදිලි , නිශ්චිත තොරතුරක් සැපයීමට අපොහොසත් වී තිබේ .
ඒ අනුව මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර තිබේ .
එහිදී ඔහු සන්තකයෙහි තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැදුනුම්පතක් සොයා ගැනීමට හැකි වී තිබූ අතර එහි පිලිපීනයේ ” පැරනාකිව් ” ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානයක මොහු සේවය කර ඇති බවත් , මේ වනවිට එම මධ්‍යස්ථානය පිලිපීනයේ ආරක්ෂක මගින් වටලා ඇති බවත් , ඒ පිළිබද දර්ශන යූ ටියුබ් සාමාජ මාධ්‍ය ඔස්සේ , එරට ආරක්ෂක අංශ විසින් ලොව පුරා විකාශනය කර ඇති බවත් එම නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ .
ඒ අනුව මෙම චීන ජාතිකයා , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සදහා එයාර් ඒෂියා ගුවන් සේවය වෙත භාර දීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ .
(ටී.කේ.ජී.කපිල – කටුනායක)