පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය සමරයි

0
117

2019 අගෝස්තු 5 වන දින ජම්මු සහ කාශ්මීරයේ ඉන්දියාවේ නීති විරෝධී හා ඒකපාර්ශවීය ක්‍රියාවන් සිහිකිරීම නිමිත්තෙන් පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් “යාවම්-ඊ-ඉස්තාහ්සාල්” දිනය ඊයේ (05) සමරන ලදි.

එහි ප්‍රධාන කථිකයන් කාශ්මීර වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය පෙන්වා දුන් අතර මෙම ආරවුල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ ඇති පැරණිතම යෝජනාවලින් එකක් බව පැවසීය. අවාසනාවකට මෙන්, ඉන්දියාව මූලික මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතියට ගරු කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආරවුල නොවිසඳී පවතී.

මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් සිය කතාවේදී, අමානුෂික හමුදා අවහිර කිරීම්, සන්නිවේදන අවහිර කිරීම්, වටලෑම් සහ සෝදිසි මෙහෙයුම්,සහ අහිංසක කාශ්මීර වැසියන්ට එල්ලවෙන මර්දනය සහ ම්ලේච්ඡ ප්‍රහාරයන් පෙන්වා දුන්නේය.

එමෙන්ම පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි, අගමැති මොහොමඩ් ෂෙබාස් ෂරීෆ් සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් යන මහත්වරුන්ගේ පණිවිඩද මෙහිදී කියවන ලදී.