මහ කොමසාරිස්තුමා පිළිගනිමින්, තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය. මෙහිදී මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග අගය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.
සාකච්ඡාව අතරතුර, ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇණහිට තිබූ ව්‍යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විස්තර කළාය. එවැනි ව්‍යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘතීන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කළේය.