ලෝක ජින් ෆෝ ලයිෆ් ක්‍රීඩා ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

0
128

NEWSNOW | – පෘතුගාලයේ පැවති 05 වන ලෝක ජින් ෆෝ ලයිෆ් ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි තුන් වන ස්ථානයට පත් වී ලෝකඩ පදක්කම දිනා ගෙන අද දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය පසුගිය 22 දින සිට 26 දින දක්වා ලෝකයේ රටවල් 30 ක දහසකට අධික ක්‍රීඩකයින්ගෙන් , පෘතුගාලයේ ලිස්බන් නුවර පවත්වා තිබුණි.

එහිදී ශ්‍රී ලංකාවේ පාසැල් 05 ක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සදහා සහභාගී වී සිටියහ.

ඔවුන් අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා එම සිසුවියන්ගේ දෙමාපියන් සහ එම විද්‍යාල වල ගුරුභවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ටී.කේ.ජී. කපිල – කටුනායක