රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුමක්

0
27
Soldiers check documents of a driver at a road checkpoint in Colombo on May 11, 2022. - Sri Lankan police have been ordered to go on the offensive and use live ammunition to stop rioting, a top official told AFP on May 11, after another night of sporadic arson attacks. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

NEWSNOW | – ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල හමුදාව සහ පොලීසිය යොදවා  හදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙලෙස යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය යොදවා සියලුම මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ බව පොලීසිය පවසයි.

පසුගියදා රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල හදිසි පරීක්ෂා ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වෙයි.