සිංහල ගීතයෙන් රටක් මුසපත් කළ මුස්ලිම් කලාකරුවාට උදව් අවැසි මොහොතේ සිංහල සමාජයෙන් ලැබුණු අනුපමේය සහය

0
27

NEWSNOW| –  මෙරට ගීත කලාවෙන් සාමය, සංහිඳියාව වැපිරූ කෙනෙක් වේ නම් මොහිදීන් බෙග් මාස්ටර් එහි අංක එකේ තැබිය හැකි කෙනෙකි.

ඔහුගේ අඩි පාරේ යන පුත් ඉෂාග් බෙග් ද සිය පියාගේ ගීත ගායනා කරමින් වර්තමාන ගීත කෙත සාරවත් කරන්නට දායක විය. නමුත් ඔහු මේ වන විට ඉතා රෝගී තත්වයට පත්ව ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍යව සිටි අවස්ථාවක සිංහල බොහෝ දෙනෙක් මුදල් පරිත්‍යාග කර ඔහුට පිහිටවී තිබේ.

ඒ පරිත්‍යාග ශීලීන් අතරින් රුවන් මුතුගල ගුරු පියාණන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදුන්නේ දුන්දේ සුවඳයි කෑදේ ගඳමයි.අපි යන විට ගෙන යන්නේ කළ හොඳ පමණි යන්න සිහිපත් කරමිනි.

එසේම ජනාධිපති අරමුදලෙන්ද ඔහුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට සංස්කෘතික, ආගමික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කටයුතු කර තිබේ.

වරෙක බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට පවසා තිබුණේ “මේ රටේ අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ”  ඒ කතාව සත්‍ය කරමින් අද බෝහෝමයක් ඔහුට උදව් කර ඇත්තේද සිංහලයන් වීමද විශේෂත්වයකි.