NEWSNOW | – නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම අද (25) උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණි.ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත්වූ එම නගර සභාවේ හිටපු සභාපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත්විය. උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තේරී පත්වූ කේ. සුරේස්වරන් මහතා ලබාගත්තේ ඡන්ද 09කි.
ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණි.
එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබීය.
නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 2ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් මන්ත්‍රීධූර 1ක් වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරනු ලබයි.
බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ හෙයින් ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය සහ උප සභාපති ධූරය හිමි කරගනු ලැබීය.