NEWSNOW | – රුපියල් 73 ලක්ෂ 75000 ක් වටිනා මැණික් තොගයක් , නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ, ගුවන් මගියෙකු අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අලුයම 05.00 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ නිල් මැණික්, පුෂ්පරාග ඇතුළු ” කුරුවින්ද ” ප්‍රභේදයට අයත් කැරට් 566 ක් බරැති මැණික් ගල් අඩංගු කුඩා පාර්සල් 12 ක් සගවා ගෙන සිටිය දී, ගුවන් යානයට ගොඩවීමට පෙර ඇති අවසාන පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ගුවන් තොටුපොළ ආරක්ෂ නිලධාරීන් පිරිසකට කොටු වී තිබේ.
මොහු මෙම මැණික් බේරුවල සහ රත්නපුර යන ප්‍රදේශ වලින් මිළදී ගත් බව රේගුව හමුවේ අනාවරණය කර ඇති අතර මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.