අද දින උතුම් වූ හජ් උත්සවය සමරන සියලුම මුස්ලිම් බැතිමතුන්ට අපගේ සුභාශිංසන ය පුද කරන්නෙමු.
මිලියන සංඛ්‍යාත මුස්ලිම් බතුමතුන් අද වන විට ශුද් ධ මක්කා වට එක්රැස් ව සිටිති. සුදු වස්ත්‍රයකින් සැරසී කාබා දේවස්ථානය වටා ගොසින් තවාෆ් වතාවත් ඉටු කරති. අරෆා, මිනා, මුස්දලිෆා වැනි ස්ථානවල රැඳී සිට ප්‍රධාන ආධ්‍යාත්මික ව්‍යායාම්වල නිරත වන්නෝය.
ආබ්‍රහාම් තුමා විසින් ගොඩනගන ලද කාබා දේවස්ථානය හජ් වතාවත්හි ප්‍රධාන තැනක් ගනී. එසේම එතුමා සිය පුත්‍රයා වෙනුවෙන් කළ පරිත්‍යාගය ද මෙහි සිහිකරණු ලැබේ. කෙටියෙන් කියනවා නම් හජ් යනු පරිත්‍යාගශීලී භාවය පිළිබිඹු කරන මහා උත්සවයකි.
ජාති, වර්ණ, කුල, භාෂා වැනි මිනිසුන් එකිනාකෙන් වෙන්කොට අක්වන සියලු සාධක ඉවතලමින් සුදු වස්ත්‍රයක් පැළඳ එක් රොක්වන මිලියන ගණන් බැතිමතුන් එකම දෙවියන් වහන්සේගේ නිර්මාණය තුළ කිසිදු භේදයක් නොපවතින බව ප්‍රදර්ශනය කරන්නොය. දෙවියන් වහන්සේ අභියස සියලු දේ අත් හැර උන්වහන්සේගේ ගැත්තන් යන එකම අනන්‍යතාවය හැර අනෙකුත් සියලුම සංකේත අත් හරින්නෝ ය.
හජ් මගින් ලබාගන්නාවූ උත්තරීතර ආධ්‍යාත්මික අත්දැකීම අපගේ දේශයේ ජාතීන් සහ ආගමිකයින් අතර සමගිය සහ සංහිඳියාව වැඩවීමට රුකුලක් වෙනවාට සකයල් නැත.
ධර්’ම ශක්ති සංවිධානය