NEWSNOW | – අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා හුවමාරු වැඩසටහන්වලට එක්වීමට අපේක්‍ෂා කරන විදේශීය සිසුන්ට එරටට පැමිණීම අත්හිටුවීම සඳහා වන ප්‍රකාශනයකටද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්’තා කළේ එම ප්‍රකාශනයේ සඳහන් නිර්’ණායකවලට යටත් වන හාවඩ් විශ්ව විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ වීසා පහසුකම් ද අවලංගු කිරීම සලකා බැලීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුව වෙත නියෝගයක් ලබාදි ඇති බවය.
ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය කාලයේ හාවඩ් විශ්ව විද්‍යාලය තුළ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබුණු නිසා එය මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව මෙම නියෝගය මාස හයක් සඳහා බලපැවැත්වෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ