රෝයල් චැලෙන්ජර්ස් IPL ජය සැමරුම ඛේදවාචකයකින් අවසන් වෙයි

0
25

බැංගලෝර් හි ක්‍රිකට් ක්‍රීඩාංගනයක අද(04) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්හඩායමේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතාව දිනා ගැනීමේ ජය සැමරීම වෙනුවෙන්  ජනතාව එක්රැස්වී තිබේ.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාංගනයකින් පිටත ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් හත් දෙනෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ක්‍රිකට් කණ්ඩායම සවස් වරුවේ බස් රථයකින් ස්ථානයට පැමිණෙන විට නගර මධ්‍යයේ චින්නස්වාමි ක්‍රීඩාංගනය දක්වා දිවෙන වීදිවල දහස් ගණනක් ජනයා, ඔවුන්ගෙන් සමහරක් කණ්ඩායමේ රතු කොඩිය වනමින් පෙළ ගැසී සිටි බව එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.

මෙහිදී තුවාල ලැබූ ගණන 50ක් පමණ වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.