NEWSNOW | – සෑම වසරකම කෑන්ස් චිත්‍රපට උළෙල, චිත්‍රපට නිෂ්පාදකයින්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නොව, ජාත්‍යන්තර සමාජ හා දේශපාලන තත්වයන්ට එරෙහිව ඔවුන්ගේ විරෝධතා සහ අරගල නව්‍ය ආකාරවලින් ප්‍රදර්’ශනය කිරීමට ප්‍රධාන වේදිකාවක් ලෙස කටයුතු කරයි.
දින 11ක් පුරා පැවැත්වෙන මෙම උළෙල මැයි 24 වන දින අවසන් වේ. ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර නව්‍ය ක්‍රමවලින් හෙළා දකින ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසක් මේ සඳහා සහභාගී වී සිටිති.
ජනප්‍රිය මාධ්‍ය සංවිධානයක් වන විකිලීක්ස් හි නිර්’මාතෘ ඕස්ට්‍රේලියානු ජූලියන් අසාන්ජ් ද එම ලැයිස්තුවට එක්වී තිබේ. මෙම චිත්‍රපට උළෙලේදී ඔහුගේ වාර්’තා චිත්‍රපටය වන ‘ද සික්ස් බිලියඩ් ඩොලර් මෑන්’ නියෝජනය කරමින් ඔහු පෙනී සිටියේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය වයස අවුරුදු 5 ට අඩු පලස්තීන දරුවන් 4,986 දෙනෙකුගේ නම් සහිත ටී ෂර්’ට් එකක් ඇඳගෙනය.
තවද, ඔහු ඇඳ සිටි කමිසයේ පිටුපස ‘ඊශ්‍රායලය නවත්වන්න’ යනුවෙන් මුද්‍රණය කර තිබුණි.මේ අනුව, ජූලියන් අසාන්ජ් ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හෙළා දකින බව එහි සටහන් කර ඇත. මෙයින් පසුව, ජාත්‍යන්තරව බොහෝ දෙනෙක් ජූලියන්ගේ ක්‍රියාවට සහයෝගය පළ කර ඇති අතර, සමහරුන්ට විරෝධය ද එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.