ධූර කාලය අවසන් කළ වතිකානයේ තානාපතිවරයා විදේශ ඇමති හමුවෙයි

0
109

NEWSNOW| –   ශ්‍රී ලංකාවේ සේවය කළ වතිකාන තානාපති බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් සිය ධුර කාලය අවසන් කර පිටත්ව යාමට පෙර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී තිබේ.

ඒ ඊයේ (21) අමාත්‍යාංශ කාර්යාලයේදීය.

උන්වහන්සේ 2020 වසරේ සිට මෙරට වතිකාන තානාපති ලෙස කටයුතු කර ඇත.. හිමිපාණන් අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී තමන් ශ්‍රී ලංකාවේ ගත කළ කාලය අමතක නොවන සිදුවීම්වලින් ගහණ වූ කාල පරිච්ඡේදයක් බවත් ශ්‍රී ලංකාව ඉතාමාත් දැකුම්කළු රටක් ලෙස තම මතකයේ දිගුකල් රැඳෙනු ඇති බවත් පවසා තිබේ.

අමාත්‍යවරයා විතිකානයේ පැවැති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම පිළිබඳ වතිකානය වෙනුවෙන් තානාපති හිමිපාණන් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වතිකාන තානාපති හිමිපාණන්ට ස්තූති කළ අමාත්‍යවරයා වතිකානය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සහනශීලීව කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පිරිනමන බවත් දැනුම් දුන්නේ ය.

ඉතියෝපියාවේ වතිකාන තානාපති ලෙස පිටත්ව යන උඩයිග්වේ හිමිපාණන්ගේ ඉදිරි කටයුතු සම්පූර්ණයෙන් සාර්ථක වේවායි අමාත්‍යවරයා තානාපති හිමිපාණන් වෙත සුබපැතුම් පළ කළේය.