සියලුම නීති ක්‍රියාමාර්’ගය උල්ලංඝනය කරමින් රෝහින්ග්‍යා සරණාගතයින් 38 දෙනෙකු මුහුදට වීසි කිරීම සාධාරණද?

0
32

NEWSNOW | – යුධ සමයන්හි සහ ජනකොටස් අතර කලහ පවතින විට එකිනෙකා මරා ගන්නා සිදුවීම් අප අසා ඇත්තෙමු. එනමුත් තම රටේ පවතින මාරාන්ික තත්වයෙන් දිවි ගලවා ගෙන සරණ පතා පැමිණි අසරණ ස්ත්‍රීන්, රෝගීන් සහ කුඩා ළමුන්ව සිත්පිත් නැතිව අමුවේ මුහුදට තල්ලු කර දැමීමක් ගැන ඔබ අසා තිබේද? මේ ලිපිය එවන් අමානුෂික ක්‍රියාවක් පිළිබඳවය.

මියන්මාරයේ රෝහිංයා මුස්ලිම්වරුන්ගේ බොහෝ අය එහි ඔවුන්ට සිදු වුනු ජාතිවාදි කුරිරුකම් ඉවසා ගන්නට නොහැකිව අසල්වැසි බංගලාදේශය සහ ඉන්දියාව වැනි රටවලට සරණාගතයන් ලෙසින් දිවි බේරා ගෙන පළා ඒම කලක සිට සිදුවෙමින් පවතිනු නොරහසකි. එසේ ඉන්දියාවට පැමිණි ළමුන් ස්ත්‍රීන් මහලු අය සහ දරුණු රෝගවලින් පෙළන්නන් ඇතුලු රෝහිංයා සරණාගතයන්ගෙන් 38 දෙනෙකුව පසුගිය 2025 මැයි 6 වන දින ඉන්දීය බලධාරීන් යාත්‍රාවක පටවා ගෙන ගොස් නැවතත් මියන්මාරය අසල මුහුදේ බස්වා ඇත. මෙම සරණාගයන් සියල්ලන්ම දිල්ලි පොලිසිය විසින් රඳවා ගෙන සිටි හා ඉන්දියාවේ පිහිටි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්’යාලයෙහි ලියාපදිංචි වුවන් වෙති. පසුව පොලිසිය විසින් ඔවුන්ව ජීව දත්ත ලබා ගැනීමට යැයි කියමින් ඔවුන් රඳවා සිටි තැන්වලින් රැගෙන ගොස් මෙසේ ඔවන්ට සැහැසි ඉරණමක් අත් කර දී ඇත. උක්ත නොමිනිස් ක්‍රියාවට එරෙහි ඉන්දීය උපරිමාධිකරණයේ පෙත්සමක්ද ගොනු කර ඇත.

මෙසේ පොලිසිය විසින් රැගෙන ගිය එක් තරුණයෙකුගේ සොහොයුරියක් පවසන්නේ වරෙන්තු, නිදහසට කරුණ විමසීම්, පුර්’ව දැනුම් දීම වැනි සරණාගතයන්ට අදාල කිසිදු ක්‍රියාපටිපාටියක් නොමැතිවම තම සහෝදරයාව පොලිසිය කැටුව ගිය බවයි. පසුව අධිකරණයකට ඉදිරිපත් කිරීමක් නොමැතිවම ඔවුන්ව එටිව් පිටුවහල් කර මුහුදේම මුදා හැර ඇත. රෝහිංයා සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ කොලින් ගොන්සාලෙස් ඇතුලු නීතිඥ මඬුල්ල පවසන්නේ බලධාරීන්ගේ උක්ත ක්‍රියා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 22 වන වගන්තිය උල්ලංඝනය කරන බවයි.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිවේදීන් පෙන්වා දෙන්නේ සම්මත ක්‍රියාපටිපාටියට අනුව එසේ රැගෙන ගිය සරණාගතයන්ගෙන් කටඋත්තරයක් ලබා ගන්නට පොලිසිය කටයුතු කර නැති බවයි. එපමණක් නොව සරණාගතයන් රැගෙන යන්නට පැමිණි ඇතැම් පොලිස් නිලධාර්න් බීමත්ව සිටි බවද රැගෙන ගිය එක් රෝගී කාන්තාවකට ඔවුන් අසභ්‍ය වදන්වලින් බැන වැදී පසුව පහර දුන් බවටද චෝදනා එල්ල වී ඇත. මෙයට අමතරව තවත් 40 කට අධික සංඛ්‍යාවක් රෝහිංයා සරණාගතයන් දිල්ලිය අවට විවිධ පොලිස් ස්ථානවල ඔවුන්ට එරෙහි කිසිදු නඩු පැවරීමකින් තොරව අසීමිත දින ගණන්වලට රඳවා ගෙන සිටින බවද ඔවුන් අතර සිටින කුඩා දරුවන්ට අවශ්‍ය කිරි පිටි ඇතුලු ළදරු ආහාර ලබා නොදෙනවා පමණක් නොව අසාධ්‍ය රෝගීන්ට වෛද්‍ය පහසුකම් තබා අවශ්‍ය ඖෂධ හෝ ලබා නොදෙන බවද නීතිඥයන් පෙන්වා දෙති. තවද ඔවුන් අතර සිටි එක් සරණාගතයෙකුට පොලිස් නිලධාරින් දරුණු ලෙස පහර දී ඇති අතර ඔහුව මුදා ගන්නා ලද්දේ සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්්‍යයාලයේ නිලධාරින්ගේ මැදිහත් වීමෙන් පසුවය.


මෙයට අමතරව තවත් රෝහිංයා සරණාගතයන් හතළිස් දෙනෙකුගෙන් යුත් පිරිසකගේ ඇස් අත් පා බැඳ අන්දමාන් දුපත්වලට ගෙලන ගොස් හැරලන ලදි.සම්මත ක්‍රියාපටිපාටිය සරණාගතයින් රටකින් පිටුවල් කරන්නට පෙර ඔවුන් සම්බන්ධ සම්මත ක්‍රියාපටිපාටියට අනුව විදේශිකයන් ලියාපදිංචි කරන කාර්්‍යයාලය විසින් සරණාගතයන් රටින් පිටුවහල් කරන්නට නියෝගයක් පැනවිය යුතුය. එම නියෝගය නොමැතිව කිසිදු සරණාගතයෙකුව බලයෙන් පිටුවහල් කළ නොහැකිය. පිටුවහල් කරනු ලැබු රෝහිංයා සරණාගතයන් සම්බන්ධව එවන් නියෝගයක් ඉදිරිපත් කරන්නට දිල්ලි පොලිසියි සමත් වුයේ නැත යැයි සරණාගතයන්ගේ නීතිඥයන් පෙන්වා දෙති.

මෙම කරුණ සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විසින් අධිකරණයෙහි ඉස්මතු කළ විට ඉන්දීය නීතිපති තුෂාර් මෙහෙතා පැවසුවේ රෝහිංයා සරණාගතයන්ව සරණාගතයන් ලෙස ඉන්දියාව පිළිනොගන්නා බවයි. තවද අසාම් සහ ජම්මු කාශ්මීර් ප්‍රදේශවලින් ඉන්දියාවට පැමිණි රෝහිංයා සරණාගතයන් රටින් පිටුවහල් කිරීම නවත්වන මෙන් එජා සංවිධානය නිර්දේශ කළ විට එය ඉන්දිය රජය නොපිළිගත් තත්වයද මෙවිට නීතිපති සහ රජයේ පාර්’ශව නීතිවේදීන් සිය තර්’ක ලෙසින් අධිකරණයට ඉදිරිපත් කළහ.

එනමුත් එසේ ඉන්දියාව එම ස්ථාවරය එවිට ගත්තේ එම සරණාගතයන්ට පාකිස්තාන ත්‍රස්ත කල්ලි සමග සබඳතා තිබුනේය යන චෝදනා අනුව වන නමුත් මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස පැමිණි අසරණයන් විෂයයෙහි එලෙසින්ම කටයුතු කිරීම සාධාරණ නොවන බව නීතිඥ ගොන්සාලෙස් තර්’ක කරයි.
කෙසේ වෙතත් දිවි ගලවා ගැනීමට වෙනත් රටකින් පැමිණ සරණාගත තත්වය අයැද සිටින කිසිම කෙනෙකුව රටින් බලයෙන් පිටුවහල් කරන්නට නොහැකි බව ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වගන්තිය අවධාරණය කරයි. එපමණක් නොව යම් සරණාගතයෙකුව පිටිවහල් කරන්නේ නම් ඔහු අයත් වන රටේ තානාපති කාර්’යාලය හා සම්බන්ධ වී ඔවුන් දැනුවත් කර ගත යුතු ක්‍රියාමාර්ග ගැන එම කාර්්‍යයාලය සමග එක්ව සාකච්ඡා කර තීරණයක් ගැනීමද අනිවාර්’ය පියවරකි. එසේ නොකර සහ මුහුදට ගෙන ගොස් තල්ලු කර දැමීම ගල් යුගයේ පවා නොතිබෙන්නට ඇති නොමිනිස් ක්‍රියාවකි.

උක්ත සරණාගතයන් 38 දෙනා මැයි 8 වන දින බෙංගාල බොක්කේ බ්ලෙයාර් තොටුපළට රැගෙන යනු ලදුව ඉන්දීය යාත්‍රාවකට පටවනු ලැබ ඇති බව පැවසු නීතිඥ ගොන්සාලෙස් පසුව සිදු වුයේ සැලසුම් සහගත අමානුෂික ක්‍රියාවකි යැයි සංවේගයෙන් පැවසීය. එමෙන්ම ඉන්දිය රජය විසින් මියන්මාරයේ සිට පැමිණෙන සරණාගතයන්ට එවන් සණාගත තත්වයක් හිමි වන බව නොපිළිගත්තද එක්සත් ජාතීන්ගේ සංවිධානය එම කරුණ පිළිගෙන ඇති තත්වයක හා එම සරණාගතයන්ට එජා මහ කොමසාරිස් කාර්’යාලය විසින හැඳිනුම්පත් පවා නිකුත් කර ඇති තත්වයක ඉන්දිය රජය එජා සාමාජිකයෙකු ලෙසින් ඒ අනුව කටයුතු කිරීමට බැඳී ඇති බවද ගොන්සාලෙස් පෙන්වා දෙයි. මෙම සරණාගතයන් මෙලෙසින් පිටුවහල් කරනු ලබන්නේ ඔවුන් මුස්ලිම් ජාතිකයන් වීම නිසා යැයිද ඔහු අවධාරණය කරයි.

යාත්‍රාවෙහිදි සරණාගතයන්ට දරුණු ලෙස පහර දී ඇති අතර ඒ සඳහා කිසිදු හේතුවක්ද ඉදිරිපත් නොකරන ලදි. කිසිදු කාන්තා නිලධාරිනියක් නොසිටි එම යාත්‍රාවෙහි සිටි සරණාගත කතුන් කිහිප දෙනෙකුවම ඉන්දීය නිලධාරින් සමුහ දුෂණය කර ඇත. පසුව යාත්‍රාව මියන්මාර් වෙරළ අසලට පැමිණි විට ආරක්‍ෂක ජැකට්ටු ඔවුන්ට ලබා දී ඔවුන්ව මුහුදට තල්ලු කර ඇත. එවිට තමන්ව යටත් පිරිසෙයින් යාබද ඉන්දුනීෂියානු වෙරළ අසලින් හෝ බස්වන මෙන් සරණාගතයන් කන්නලව් කළද ඉන්දිය බලධාරින් එයට සවන් දී නොමැත. පසුව පැය 12 ක් පමණ පාවෙම්න් සහ හැකි අයුරින් පිහනමින්ද රැල්ලේ රිද්මයට හසුවද මෙම අසරණයන් නැවතත් ඔවුන්ට මිහිපිට නිරයක් වැනි වු මියන්මාර වෙරළට ළගා වී ඇත.1951 සරණාගත සම්මුතියට හෝ 1967 ප්‍රොටෝකෝලයට ඉන්දියාව අත්සන් කර නොමැති බැවින්, රොහින්ංග්‍යාවරු මූලික වශයෙන් ිඅයිතිවාසිකම් නොමැති විදේශිකයන්’ බව රජය අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. එය සැබවි නමුත්, වධහිංසා පැමිණවීමට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියට’ ඉන්දියාව අත්සන් කර ඇති බැවින් එම සම්මුති්යේ 3 වන වගන්තියේ පැහැදිලිවම සඳහන් කර ඇති පරිදි එවන් තත්වයට සිය රටෙහි මුහුණ දෙන්නට සිදුවිය හැකි නිසා පිහිට පතා පැමිණි සරණාගතයන් ඔවුන්ගේ රටවලට ආපසු බලයෙන් යවන්නට නොහැකි බව නීිඥයන් පෙන්වා දෙති.

මේ අතර ඉන්දියාවේ පිහිටි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්’යාලය මෙම සරණාගතයන් 38 දෙනාගේ තත්වය ගැන දන්වන මෙන් මියන්මාර රජයෙන් ඉල්ලා ඇත. මෙය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් වන අතර මියන්මාරය පෙරලා දැනුම් දී ඇත්තේ එම සරණාගතයන්ගේ ආගිය තැන් ඔවුන් සොයමින් සිටින බවයි. කෙසේ වෙතත් එම සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සමග එම සරණාගතයන් මේ දක්වා සම්බන්ධ වී නොමැත. මෙය ගැන තොරතුරු ලබා දෙන මෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එම නීතිඥයන් ඉල්ලා සිටි විට අමාත්‍යාංශ බලධාරීන් පවසා ඇත්තේ මෙම කරුණ අතිශය සංවේදි එමෙන්ම මහා අධිකරණ විනිශ්චය හා බැඳි කරුණක් නිසා ඒ සම්බන්ධ තොරතුරු පිටතට ලබා දෙන්නට හෝ අදහස් දැක්වීමක් සිදු කරන්නට තමන්ට නොහැකි බවයි.