ඊශ්‍රායලය ඛාන් යුනිස්හි නසාර් රෝහලට නැවතත් ප්‍රහාර එල්ල කරයි. වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවක් විනාශ වෙයි

0
35

NEWSNOW | –  ඊශ්‍රායලය, දකුණු ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරය පුළුල් කරන අතරතුර ඛාන් යුනිස් හි නසාර් රෝහලට නැවතත් බෝම්බ හෙලන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල හමුදාව ඊයේ(18) අලුයම සිට එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරය පුරා අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව හෙළිව තිබේ.

නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය වෛද්‍ය සැපයුම් විනාශ කර ඇත.ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු මෙන්ම අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ සිරුරු ද රෝහලට ලැබුණු බව ගාසා තීරයේ රෝහල් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මුහම්මද් සකවුට් පැවසුවේය.

two men stand in a damaged warehouse full of boxes and bottles

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්’යාලය ගාසා තීරයට සීමිත ආධාර ප්‍රමාණයක් ලබා දෙන බව පවසන නමුත් සැපයුම් කවදා ප්‍රදේශයට ඇතුළු වේදැයි පැහැදිලි නැත.