ආදරයෙන් තැනෙන පවුල්, එකමුතුකමින් හැදෙන සමාජය – අන්තර්’ජාතික පවුල් දිනය වෙනුවෙන් වැඩසටහනක්

0
25

NEWSNOW | –  අන්තර්’ජාතික පවුල් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ FPA පුත්තලම සුවසේවා මධ්‍යස්ථානය මඟින් අද(15) දිනයේ විශේෂ වැඩසටහනක් එම මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබිණි.

ඒ පවුල් අතර සබඳතා ශක්තිමත් කිරීම, සහයෝගී ක්‍රියාකාරකම් හා සෞඛ්‍ය උපදේශන සේවා සපයමින් ගැඹුරු අරුතකින් පිරුණු අත්දැකීමක් පවුල් වෙනුවෙන් ලබාදීම සඳහාය.

මෙහිදී, පවුලේ සන්නිවේදනය සඳහා ක්‍රමවේද,ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ උපදෙස්,පියයුරු පිළිකා හා රුධිර පරීක්ෂණ,ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අවබෝධතාව ලබා දෙන ලදි.

මෙහි විශේෂත්වයක් වශයෙන්, වැඩසටහන අවසානයේ සෑම පවුලකටම පැළයක් ලබා දෙන ලද්දේ වර්ධනය, ආරක්ෂාව සහ පවුල් එකමුතුව නිරූපණය කරමින් ය.