“අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” – අක්කරයිපත්තුවේදී ඓතිහාසික වැඩසටහනක්

0
19

NEWSNOW| – නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම පරිදි නිදා පදනමේ ජංගම සහජීවන ව්‍යාපෘතිය යටතේ, 2025 අප්‍රේල් 27 වන දින අක්කරයිපත්තුව මහ ජුම්මා මස්ජිදයේදී “අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා අක්කරයිපත්තුව මහ ජුම්මා මස්ජිදය තම සහයෝගය දැක්වූ අතර, නිදා පදනම අනුග්‍රහය සහ මග පෙන්වීම ලබා දෙන ලදි

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය පිළිබඳව අනෙකුත් ජාතීන් අතර පවතින සැකයන් සහ වැරදි මතයන් දුරු කරමින් එය පිළිබඳ නිවැරදි, සහ පැහැදිලි අවබෝධයක් ලබාදීමයි. මෙය ජාතික සහජීවනයට දායක වන පරිදි, සාමකාමී සහ සමෘද්ධිමත් රටක් බිහි කිරීමට මූලික පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම වැඩසටහනට අක්කරයිපත්තුව කලාප අධ්‍යාපන කාර්ය මණ්ඩලය, පෙර පාසල් ගුරුවරු සංගමයේ ගුරුවරුන්, ග්‍රාම නිලධාරීන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන නියෝජිතයින්, පුද්ගලික අංශ නියෝජිතයින්, ප්‍රාදේශීය සභා නියෝජිතයන්, සහ අම්පාර දිස්ත්‍රික්ක සහජීවන කමිටු සාමාජිකයන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.