NEWSNOW| – පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙහ්බාස් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය (NSC) රැස්විය. එයින්,ඉන්දියානු ප්‍රහාරවලින් දිවි පිදූ අහිංසක සිවිල් වැසියන්ගේ ආත්මයන් වෙනුවෙන් , දිවි පිදූවන්ගේ සමීපතමයන්ට හෘදයාංගම ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලදී . අනර්ථකාරී, බියගුලු සහ නීති විරෝධී ඉන්දියානු යුද ක්‍රියාවලින් පැන නගින බරපතල තත්ත්වයන් පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් අවධාරණය කරන ලදී.
2025 මැයි 6/7 දින රාත්‍රියේ, ඉන්දියානු සන්නද්ධ හමුදා පාකිස්ථාන පන්ජාබ් හි සියාල්කොට්, ෂකර්ගර්, මුරිද්කේ සහ බහවල්පූර් සහ ආසාද් කෂ්මීරයේ කොට්ලි සහ මුසාෆරාබාද් ඇතුළු පාකිස්තානයේ ස්වෛරී භූමියේ විවිධ ස්ථානවලට මිසයිල, ගුවන් සහ ඩ්‍රෝන් ප්රහාර එල්ල කළහ. මනඃකල්පිත ත්‍රස්ත කඳවුරු පවතින බවට බොරු තර්ක ඉදිරිපත් කරමින්, සිවිල් වැසියන්ගේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දියත් කල මෙම පහත් හා අසාධාරණ ප්‍රහාර නිසා නිර්දෝෂී පිරිමි, කාන්තා සහ ළමුන් මිය ගියහ. තවද, මස්ජිද් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලටද හානි සිදුවිය. ඉන්දියාවේ මෙම ආක්‍රමණශීලී ක්‍රියාව, සහෝදර රටවල වාණිජ ගුවන් යානා සඳහා බරපතල තර්ජනයක් ඇති කළ අතර, එමඟින් දහස් සංඛ්‍යාත ගුවන් විසින් මගීන්ගේ ජීවිත අවදානමට ලක් විය. ඊට අමතරව, ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් නීලම්-ජෙලම් ජල විදුලි බලාගාරය ද හිතාමතාම ඉලක්ක කර ගන්නා ලදී.
ජාතික ආරක්ෂක කවුන්සිලය (NSC) මෙම නීති විරෝධී ක්‍රියාවන් පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම් ලෙසත්, ජාත්‍යන්තර නීතිය යටතේ යුද ක්‍රියා ලෙසත් දැඩි ලෙස හෙළා දුටුවේය. ඉන්දියානු හමුදාව විසින් අහිංසක කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් හිතාමතාම ඉලක්ක කර ගැනීම, මානව හැසිරීම් පිළිබඳ සියලු සම්මතයන් සහ ජාත්‍යන්තර නීතියේ සම්මතයන් උල්ලංඝනය කරන, පිළිකුල් සහගත සහ නින්දිත අපරාධයකි.
තම භූමිය තුළ ත්‍රස්ත කඳවුරු ඇති බවට ඉන්දියාව කරන චෝදනා පාකිස්තානය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. 2025 අප්‍රේල් 22 න් පසු විශ්වසනීය, විනිවිද භාවයෙන් යුතු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා පකිස්තානය ඉදිරිපත් කළ අවංක යෝජනාව ඔවුන් විසින් අවාසනාවන්ත ලෙස පිළි නොගත් බව සිහිපත් කළ යුතුය. 2025 මැයි 06 වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයින් විසින් මෙම ‘මනඃකල්පිත ත්‍රස්ත කඳවුරු’ නිරීක්ෂණ කරනු ලැබූ අතර, 2025 මැයි 07 වැනිදා තවත් නිරීක්ෂණ සඳහා සැලසුම් කර තිබිණි.කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රකාශ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැතිව අසත්‍යය හෙළිදරව් වේ යැයි බියෙන්, කිසිදු සදාචාරයක් නොමැති ඉන්දීය නායකත්වය, දැන් ඔවුන්ගේ මනඃකල්පිත සිතුවිලි සහ අදූරදර්ශී දේශපාලන අරමුණු තෘප්තිමත් කර ගැනීම සඳහා අහිංසක සිවිල් වැසියන්ට පහර දෙන තරමට ගොස් තිබේ. තම අහිංසක ජනතාවට පහර දීම පාකිස්තානයට ඉවසිය හෝ පිළිගත නොහැකි දෙයකි. සියලු සිහිබුද්ධිය සහ තාර්කිකත්වයට පටහැනිව, ඉන්දියාව නැවතත් කලාපය තුළ ගින්නක් ඇති කර ඇති අතර, එහි ප්‍රතිවිපාක සඳහා වගකීම සම්පූර්ණයෙන්ම ඉන්දියාව මත පැටවේ.
2025 අප්‍රේල් 22 දිනැති ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රකාශයේ දක්වා ඇති ආත්මාරක්ෂාව සහ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට අනුකූලව, ඉන්දීය ආක්‍රමණයට එරෙහිව, පකිස්තානයේ සන්නද්ධ හමුදා අසාද් ජම්මු සහ කාශ්මීරය ඇතුළු පකිස්තානයේ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කළ අතර, එම ක්‍රියාවලියේදී ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා පහක් සහ මිනිසුන් රහිත ගුවන් යානා ද බිම හෙළූහ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තියට අනුකූලව, අහිංසක පාකිස්තානු ජීවිත අහිමි වීම සහ එහි ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තෝරා ගන්නා වේලාවක, ස්ථානයක සහ ආකාරයක ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය පකිස්ථානය සතුය. මේ සම්බන්ධයෙන් අනුරූප ක්‍රියාමාර්ග ගැනීමට පකිස්ථාන සන්නද්ධ හමුදාවන්ට නිසි ලෙස බලය පවරා ඇත.
ඉන්දියාවේ පදනම් රහිත ආක්‍රමණශීලීත්වයෙන් දැඩි ලෙස ශෝකයට පත් සමස්ත පාකිස්තාන ජාතියම, තම මව්බිම ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ගේ නිර්භීතකම සහ ධෛර්යය සහ ඔවුන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග බෙහෙවින් අගය කරන අතර තවදුරටත් ඕනෑම ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ජාතියක් වශයෙන් ධෛර්යයෙන් හා අධිෂ්ඨානශීලීව සිටී.
ඉන්දියාවේ අනවසර නීති විරෝධී ක්‍රියාවන්හි බරපතලකම හඳුනා ගන්නා ලෙසත්, ජාත්‍යන්තර සම්මතයන් සහ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දියාව වගවිය යුතු බවට පත් කිරීමටත් ජාතික ආරක්ෂක කොවුන්සිලය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
පාකිස්තානය ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සාමය සඳහා කැපවී සිටින අතර, පාකිස්තානයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට හෝ එහි අභිමානවත් ජනතාවට කිසිදු හානියක් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බව නැවත අවධාරණය කරයි.