NEWSNOW | – 2025 දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරගාවලියට ( South Asian Youth Table Tennis Championship – 2025 ) ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගෙන, සමස්ථ තරගාවලියේ දෙවන ස්ථානය ද හිමි කර ගනී.
එම පිරිස ඊයේ (29) රාත්‍රීයේ දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය දකුණු ආසියානු කළාපයේ රටවල් 06 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 කගේ සහභාගීත්වයෙන් පසුගිය 24 දින සිට 27 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි.
මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිස ඊයේ රාත්‍රී 10.20 ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් මෙම ජයග්‍රහණයත් සමග එළඹෙන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.