(නීතිඥ මාස් එල් යුසුෆ් විසිනි)
එබැවින් ශිෂ්ටත්වය පෙන්වීම දුර්වලකමේ ලකුණක් නොවන බවත්, අවංකභාවය සැමවිටම ඔප්පු කළ යුත්තක් බවත් දෙපාර්ශවයම සිහි තබා ගෙන අපි දැන් අලුතින්ම පටන් ගනිමු. කිසිවිටෙක අප බිය නිසා සාකච්ඡා පවත්වන්නන් නොවෙමු. එසේම සාකච්ඡා පවත්වන්නටද අප කිසිවිටෙකත් බිය නොවෙමු’ – ජෝන් එෆ්. කෙනඩි, සමාරම්භක කතාව. 1961 ජාතිවාදය මුලිනුපුටා දැමීම සහ ඒකීය ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමට පොරොන්දු වූ ජාතික ජනබලවේග රජයට අභියෝගයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. මෙම පොරොන්දුවේ දිගුවක් වන්නේ සංහිඳියාව, අන්‍යෝන්‍ය ඉවසීම සහ සහජීවනය කරා ජන සමාජය මෙහෙයවීමයි. කොන් කිරීම් සහ අයුක්තිය තුරන් කර ඒ වෙනුවට ක්‍රියාවෙන්ම සමානාත්මතාවය ප්‍රතිස්ථාපනය කරන බවට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයෙන් ජාතික ජනබලවේග රජය සහතික විය. මේ සියල්ල විශිෂ්ට එමෙන්ම අතිශය ප්‍රශංසනීය පොරොන්දු වේ. සියලු උස් පහත්කම් පසෙකලා සියලුම ලාංකික පුරවැසියන් කැපවීමෙන්ම යුතුව රජයට මේ සඳහා සහයෝගය ලබා දිය යුතුමය.
අවංක මිනිසුන් තමන් දුන් වචනය රකිනු ඇත යැයි කියනු ලැබේ. එසේම එවන් අවංක මිනිසුන් තමන් ඉටු කිරීමට අදහස් නොකරන පොරොන්දු ලබා නොදෙති. දැන් ජනාධිපති දිසානායක සහ ජාතික ජන බලවේග රජය පොරොන්දු ඉටු කිරීමට කාලයයි.
මෙමගින් රජයේ අවධානය ගෙන එන්නට මා තැත් කරන කරුණ වන්නේ මහර බන්ධනාගාරයේ මුස්ලිම් පල්ලිය හා බැඳි ප්‍රශ්නයයි. මෙය වසර 120 කට වැඩි කාලයක් එහි පවතින මුස්ලිම් ආගමික ස්ථානයකි. ජාතික ලේඛනාගාරයේ ලේඛනවලට අනුව, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙහි මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ එවකට සිටි මැලේ ජාතික පවුල් සඳහා මුස්ලිම් පල්ලියක් සහ සුසාන භූමියක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කර දෙන ලදි. මේ පිළිබඳ ඉතිහාසය1903 තරම් ඈතට දිව යන්නක් බව වෙසෙසින් සිහිපත් කළ යුතුය. (ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ලංකා පරිපාලන වාර්තාව 1902-1903).
මැලේ පවුල් සඳහා වෙන් කරන්නට හේතුව කුමක්ද යන කාරණාව හා බැඳී ඇත්තේ රසවත් වෘතාන්තයකි.
1956 වසරෙහි පාර්ලිමේන්තුව විසින් මුස්ලිම් පල්ලි සහ පුණ්‍යාධාර භාර පනත (වක්ෆ් පනත) සම්මත කිරීමෙන් අනතුරුව 1967 මාර්තු මස මහර මුස්ලිම් පල්ලිය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ආගමික ස්ථානයක් ලෙස ලියාපදිංචි කරන ලදී. මෙම ලියාපදිංචිය මගින් පල්ලියේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් නීත්‍යානුකූල කරන ලදී. මෙම ලියාපදිංචිය සිදු කරන ලද්දේ එවකට බන්ධනාගාර කොමසාරිස්ව සිටි එෆ්. ඩී. එල්. රත්නායක මහතාගේ අනුමැතිය සහිතවය. ආගමික වතාවත් දිනපතා සිදු වන ක්‍රියාකාරී මුස්ලිම් පල්ලියක් නඩත්තු කිරීම, ප්‍රතිසංස්කරණය සහ පරිශ්‍රයට අවශ්‍ය පරිදි තවත් ඉදිකිරීම් සිදු කිරිම ආදිය ඒ ඒ කලට සිදු කරන ලදී. 1950 වසරෙහි රජයේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු විසින් පල්ලිය ප්‍රතිසංස්කරණය කරන ලද අතර එම සේවාව අගය කිරීම සඳහා සවි කරන ලද සමරු ඵලකය අදත් එම පරීශ්‍රයෙහි දැකිය හැකිය.
නීතිය සහ සත්‍යය
මෙම පල්ලිය කිසිදු සිදුවීමකින් තොරව සියවසකට වැඩි කාලයක් මුස්ලිම් ආගමික නැමදුම් සහ භූමදාන කටයුතු සඳහා වන ස්ථානයක් ලෙස සාමකාමීව පැවතියේය. පල්ලිය අවට වාසය කරන මුස්ලිම්වරුන් මෙන්ම මහර බන්ධනාගාරයේ සිටින මුස්ලිම් සිරකරුවන් විසින් මෙම ස්ථානය භාවිතා කර ඇත. නීතිය අනුව මෙන්ම ඇත්ත වශයෙන්ම කිසිදු සැකයකින් තොරව මහර බන්ධනාගාර පල්ලිය යනු මුස්ලිම් ප්‍රජාවට අයත් ආගමික ස්ථානයක් බව තහවුරු කිරීමට මෙය ප්‍රමාණවත් සාක්ෂියකි.
මහර පල්ලිය මැලේවරුන්ට පමණක් වෙන් කර දෙන ල්දදේය යන මුඛ පරම්පරාගත මතය ගැන අප දැන් බලමු.
1902 වසරෙහි මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සමයෙහි සිරකරුවන් 81 දෙනෙකු බන්ධනාගාරයෙන් පළා ගියහ. මෙය වනාහි දිවයිනේ වැඩිම සිරකැවන් බන්ධනාගාරයකින් පළා ගිය වාර්තාගත සිද්ධියකි. එම සිද්ධියෙන් පසු ලියැවුනු ලංකා පරිපාලන වාර්තාවෙහි මෙසේ සඳහන් වේ.1902 ජුනි මස හටගත් එම කැරැල්ලට තුඩු දුන් එහි සේවය කළ සිංහල නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව රජයට ඇති වූ අතෘප්තිය හේතුවෙන්, මෙම බන්ධනාගාරයේ නිලධාරීන් ලෙසින් මහර මැලේ ආරක්ෂක බලඇණිය නමින් මැලේ ජාතිකයින්ගෙන් යුත් කණ්ඩායමක් බඳවා ගැනීමට තීරණය කරන ලදි. මෙය ඉහත ලැයිස්තුවෙන් දැක ගත හැකි වුවද එයින් පසු අද වන තෙක් මැලේ ජාතිකයින්ගේ සම්පූර්ණ ශක්තියේ ප්‍රයෝජන ගන්නට නොහැකි වී ඇත. මෙම මුලාරම්භයන්හිදි මගේ සහායක ඕල්ඩ්හැම් මහතා ප්‍රමුඛ භූමිකාවක් ගත්තේය. ඔහුගේ වෑයමට ස්තූති වන්නට ක්‍රීඩා කටයුතු කාමරයක් සහිත සමාජ ශාලාවක් සහ ළමුන් සඳහා පාසලක් මෙහි ආරම්භ කර ඇති අතර මුස්ලිම් පල්ලියක් සහ සුසාන භූමියක් සඳහාද ඉඩමක් රජයෙන් ලබාගෙන ඇත. (ජාතික ලේඛනාගාර නීතිඥ මාස් එල් යුසුෆ්, ලංකා පරිපාලන වාර්තාව 1902-1903).
ශිෂ්ට සහ අශිෂ්ඨ ක්‍රියාකලාපය
2019 අප්‍රේල් මස පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ආරක්ෂක හේතූන් මත ආරක්ෂක උපකරණ මහර පල්ලියට ගෙන ඒම තහනම් කරන ලදි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මුල් අවධියෙහිදි -එයට මුළු ලාංකික ප්‍රජාවගේ අනුග්‍රහය ඇතය යන සැකය මත- දරුණු මුස්ලිම් විරෝධී සහ ඉස්ලාම් භීතිකා ආකල්පයක් පිළිබිඹු කරමින් ඉතා දැඩි වාර්ගික රාවයක් රට පුරා පැතිර තිබුණි. (දැන් එය අස්ථාන චෝදනාවක් බව සනාථ වී ඇත). කිසි වරදක් නොකරම මුළු මහත් ලාංකික මුස්ලිම් ප්‍රජාවම විත්ති කූඩුවට නංවනු ලදුව විවිධ වෙනස්කම් සහ හිරිහැරවලට ලක් කරන ලදි.
පවතින වෛරී වාතාවරණයෙන් ප්‍රයෝජන ලබමින්, මහර පල්ලියේ දේපළ මහ දවල් නීති විරේධී ලෙස අත්පත් කර ගැනීමට සහ පල්ලියේ පරිශ්‍රය තුළ බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමට ඇතැමුන් කටයුතු කළෝය. මෙය තරයේ හෙළා දැකිය යුතු අවස්ථාවාදී ක්‍රියාවකි, පෙදෙසේ වාසය කරන්නන්ගේ මුතුන් මිත්තන් ඉදි කළ ඉපැරණි පල්ලියෙහි නැමදුම් ඉටු කිරීමේ අයිතිය මෙලෙසින් අහිමි කිරීමෙන් ජන කොටසකගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. මෙය වනාහි ආගමික අපහාසය අරමුණු කර ගත් සැහැසි ක්‍රියාවකි.
නූතන ශිෂ්ටාචාරයේ ඇතැම් මූලික මූලධර්ම සෑම පුද්ගලයෙකුටම ඔහුටම අයත් අවකාශයක් හිමි බව පිළිගනියි. උදාහරණයකට පොදු සෝපානයක හෝ පොදු ප්‍රවාහනයක ගමන් කරන විට ඒ ඒ අයට පැමිණීමේ පිළිවෙල අනුව යම් ඉඩක් හිමි වෙයි. එසේම සෑම ජනකොටසකටම සමාජ-සංස්කෘතික-ආගමික සන්දර්භයක් තුළ ඔවුනොවුන්ට අයත් වන අවකාශ තිබේ. මෙම අවකාශය සිවිල් හැසිරීම මගින් හඳුනා ගන්නා දෙයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එය ගරු කිරීමකට ලක් විය යුතුය. පුද්ගලයෙකුගේ හෝ ජනකොටසක එවන් අවකාශයක් පිළිගැනීම සහ ගරු කිරීම අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස පැහැර හරිනු ලබන අවස්ථාවන්හිදී, එය සමාජ ව්‍යුහය තුළ විවිධ ගැටළු මතුවීමට මග පාදනු ඇත.
අවංක බව ඔප්පු කළ යුතුය.
මෙය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේග රජයට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සිදු කරන ආයාචනයකි. මෙහිදී නැවත අවධාරණය කරනුයේ අවංක මිනිසුන් තමන් ඉටු කිරීමට අදහස් නොකරන පොරොන්දු ලබා නොදෙති’ යනුවෙනි.
වත්මන ජනාධිපතිවරයා සහ රජයට එරෙහිව සිදු කරනු ලබන සෘණත්මක විවේචන බොහෝය.
මෙවන් තත්වයක ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජය ලබා දෙන පොරොන්දු,
හිස් වචන නොව ක්‍රියාත්මක කරන්නට අදහස් කරන ඒවා බවද ඒවා හුදෙක් කයිවාරු නොව එහි ගැඹුරු අරුතක් ඇති බවද ඒවා අපයෝජනයේ මෙවලම් නොව අවංක ඒවා බවද ඒවා අවංක නොවන පෙළඹවීම් සඳහා වන පොරොන්දු නොව ජනතාවට යහපතක් කිරීමේ සැබෑ ආශාවෙන් ඉදිරිපත් කරනු ලබන ඒවා බවද ඔප්පු කර පෙන්වීමට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත.
වාසනාවකට වර්තමානයෙහි රටට බරපතල ආරක්ෂක තර්ජන හෝ ආරක්ෂක ගැටළු කිසිවක් නොමැත. ජනකොටස් අතර කිසිදු උස්පහත් කම් දැක්වීමක් හෝ අයුක්තියක් අසාධාරණයක් කිසිවෙකුට සිදු නොවන ඇති යැයි සහතික වී ඇති ‘ඒකීය ලාංකික’ නම් සංකල්පයේ නාමයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මහර බන්ධනාගාර පල්ලිය පෙර තත්වයට පත් කර දෙන මෙන් අප අයැද සිටිමු.
මෙම කරුන වනාහි වත්මන් රජය අවංක හා ප්‍රතිපත්තිගරුක රජයක්දැයි බලන්නට සිදු කරන පරීක්ෂණයක් වැනිය.
(LLb ගෞරව උපාධියක් හිමි ලේඛක – කලක් එක්සත් එමීර් රාජ්‍යවල ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත)