මේ මහනුවර ප්‍රදේශයේ මේ දින කිහිපයේ දක්නට ලැබුණු තත්ත්වය. ආගමික ශ්‍රද්ධාවක් ඇති මිනිසුන් මේ තරම් අශීලාචාර ලෙස පරිසරය විනාශකර දැමීම කණගාටුවට කරුණකි.
තමන් ගෙනයන සහ පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ආහාර වතුර බෝතල් නිසි ලෙස කසල බඳුනකටවත් දැමීමට සංයමයක් නැති මිනිස්සු තුළ ආගමික ශ්‍රද්ධාවක් තිබීම පුදුම සහගතය.
දළදා වන්දනාව ආශ්‍රිතව බෙදාදුන් වතුර බෝතල්, යෝගට්, බීම වර්ග සමහර පුද්ගලයින් විසින් භාවිතයට හෝ නොගෙන විසිකර දමා ඇති බව මහනුවර නගරය ආශ්‍රිතව ස්වේච්චා සේවයෙහි යෙදෙන සිවිල් කණ්ඩායම් ප්‍රකාශ කරයි. එබැවින් මෙලෙස ලබාදෙන ප්‍රදානයන් හැකි තරම් අවශ්‍ය අය සදහා පමණක් බෙදාදෙන මෙන් ඉල්ලා සිටිමු. මෙහිදී ප්‍රදානයන් නොලැබෙන ප්‍රදේශ හදුනාගෙන බෙදාදීම වැදගත් වනු ඇති බව අප විශ්වාස කරයි.
ප්‍රදානයන් ලබාගන්නා සැදැහැවතුන්ද ඒවා අධික තණ්හාවෙන් කිහිපයක් නොගැනීමට වගබලාගත යුතු අතර ඒවා භාවිතා කර, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම තුලින් පරිසරයද ආරක්ෂා කරගනිමින් දළදා වන්දනාව නිසි පරිදි සිදු කරගැනීමට හැකිවනු ඇත.
බොහෝ දෙනෙක්(තරුණ සංවිධාන, බාල දක්‍ෂ ළමයින්, මුස්ලිම් දැරියන්) ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කලස බැහැර කිරීම දැඩිසේ අගය කළ යුතුය.එතින් මේ පිරිසිදු කරන අයටත් කිරීමට හැකි සීමාවක් තිබේ. දළදා වදින්න එන ඔයාලත් හරි විදිහට කසල බැහැර ක යළි නිවෙස් ගියහොත් තමන්ගේ හිතට එකඟව බෞද්ධ දර්’ශනයට අනුව දාතුන් වහන්සේ වන්දනා කිරීමේ කුසලය වැඩිදියුණු වෙයි.
අනවශ්‍ය විදිහට කෑම,බීම,වතුර ගන්න එපා. නිකන් දෙනදේ උනත් තමන්ට අත්‍යවශ්‍ය නම් විතරක් ගැනීමට කාරුණික වන්න. ඇතැම් වතුර බෝතල් වල එහෙම්පිටින්ම වතුර පිටින් වීසි තිබූ බව පිරිසිදු කළ දරුවන් සාක්ෂි දරයි.
නුවර කියන්නෙ පූජා බිමකි. මේ පූජා බිමට ඇවිත් එය අපිරිසිදු කරන්න ඔබ කටයුතු නොකළා නම් දෙවියන්ගේ පැසසුමට ඔබ ලක්වේවි. එහෙම නොවුනොත් දළදා වහන්සේ වන්දනා කිරීමේ පින හෝ අනුමෝදන් වේවිද කියා අපට සැක සහිතයි.