Home දේශීය පුවත් ගරු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය පිළිබඳ තන්වීර් ඇකඩමියේ ශෝක පණිවිඩය
NEWSNOW | – පාප් වහන්සේගේ අභාවය පිළිබඳ ලොව පුරා සිටින කිතුනු බැතිමතුන්ට බලවත් කණගාටුව හා සංවේගය ප්‍රකාශ කර සිටින බව තිහාරිය, තන්වීර් ඇකඩමිය පවසයි.
ස්වර්’ගස්තවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් තන්වීර් උසස් අධ්‍යාපන ආයතනය මේ බව පවසා තිබේ.
එම පණිවිඩයේ මෙසේ දැක්වේ.
“අන්තර් ආගමික අවබෝධය හා සමාජ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වශයෙන් පාප් වහන්සේගේ ධූර කාලය තුළ මිනිස් වටිනාකම් ඉහළ නැංවීම, අන්තර් ආගමික සංවාද දිරිගැන්වීම, අයුක්තිය හා අසාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම, බහු ආගමික හා බහු සංස්කෘතික සමාජ තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීම යනාදියෙහි උන්වහන්සේගේ මහඟු කැපවීම හා දායකත්වය අපි අගය කරමු.
මෙම ශෝකජනක අවස්ථාවේ දී, අපි ගෝලීය ක්‍රිස්තියානි ප්‍රජාව සමඟ සහයෝගයෙන් එක් ව සිටිමු. මෙම මොහොත එක්සත්කම, අන්‍යෝන්‍ය ගෞරවය සහ වඩාත් සාධාරණ හා දයානුකම්පිත ලෝකයක් ඇති කිරීම සඳහා අපගේ සාමූහික කැපවීම ශක්තිමත් කරනු ඇත.”
තන්වීර් ඇකඩමිය – තිහාරිය, ශ්‍රී ලංකාව.