දශක ගණනාවකින් පසු පකිස්තානය සහ බංගලාද්ශය එක් වෙති

0
35

NEWSNOW | –  පසුගිය මාර්තු 31 ට යෙදුනු රාමසාන් උත්සව දිනයෙහි පකිස්තාන ඇගමැති සෙහ්බාශ් ෂරීෆ් සහ බංගලාදේශයේ නව නායක මුහම්මද් යුනුස් අතර පැවති සුහද දුරකතන සංවාදයක් ඇති විය. ඉන් පසුව දශක පහක පමණ දීර්ඝ කාලයක් මෙම මුස්ලිමි රටවල් දෙක අතර පැවති විසරකය අවසන් වී නව සබඳතාවයක බලාපොරොත්තු මතුව ඇත.

ඉදිරියට යන්නට පෙර ඉන්දිය අර්ධ ද්වීපයේ මෑත ඉතිහාසය ගැන මඳක් සිහිපත් කිරීම සුදුසු යැයි සිතමු. සියවස් ගණනාවක් ඉන්දියාව යටත් විජිතයක් ලෙස තම දැඩි ග්‍රහණයේ තබා ගනිමින් එහි සම්පත් සුරාකමින් සිටි ඉංග්‍රීසීහු 1948 වසරෙහි එයට නිදහස ලබා දුන්නෝය. ඒ දක්වා ඉන්දියාව අති දැවැන්ත භූමි ප්‍රදේශයක් සහිතව එකම රටක් ලෙසින් පැවති නමුත් එහි වාසය කළ හින්දු සහ මුස්ලිම් ජාතිකයන් අතර නිතර ප්‍රශ්න සහ ගැටුම් ඇති වු නිසා නිදහස ලබා දෙන විට තම තමන්ට රටවල් දෙකක් වෙන් කර දෙන මෙන් ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියහ. ඒ අනුව ඉංග්‍රීසින්ද ඉන්දියාව සහ පකිස්තානය ලෙසින් පිළිවෙලනි හින්දු සහ මුස්ලිම් ජාතිකයන්ට එම දේශය දෙකට බෙදා දුන්හ. එවිට පකිස්තානය වෙන් කරන ලද්දේ ඉන්දියාවට උතුරින් උතුරු පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය ලෙසිනි. පසුව ඉන්දියාව සහ නැගෙනහිර පකිස්තානයේ බෙදුම්වාදින් සිදු කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් නැගෙනහිර පකිස්තානය බංගලදේශය නමින් තනි රටක් ලෙස 1971 වසරෙහි වෙන්විය. එවිට බංගල්දේශයේ අගමැතිව සිටියේ ෂේක් හසීනාගේ පියා වන මුබිබුර් රහ්මාන්ය. එවක පටන් පකිස්තානය සහ බංගලාදේශය අතර සබඳතාවය තිබුනේ යහපත් තත්වයක නොවේ. වසර 56 කට පසුව දෙරට අතර සුහදතාවයක් ලියැලී ඇත්තේ, බංගලදෛ්ශය වසර 30ක පමණ කාලයක් මිලිටරි පාලනයක් ගෙන ගිය ඉන්දිය ගැති දූෂිත නායිකාවක් වු ෂේක් හසීනා දැවැන්ත මහජන අරගලයකින් බලයෙන් නෙරපා දමනු ලැබීමෙන් පසු දැඩි අර්බුදකාරි තත්වයකට පත්වු බංගලාදේශයේ අන්තර් පාලනය මුහම්මද් යුනුස් අතට පත් වු පසුවය.

ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘ වන යුනුස් ක්ෂුද්‍ර මූල්‍යකරණය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිකරගත් ප්‍රකට වියතෙකි. සිසුන් ඇතුලු අති විශාල මහජන කැමැත්තක් මත බංගලාදේශයේ අන්තර් පාලනය යුනුස් සියතට ගත් අතර ගෝලීය වශයෙන්ද මෙය පිළිගෙන ඇත. 2026 වසරෙහි විධිමත් මැතිවරණයක් පවත්වන තෙක් බංගලාදේශය පාලනය කරනු ඇත්තේ මුහම්මද් යුනුස්ය. ඔහු ක්ෂුද්‍ර මූල්‍යකරණ ක්‍ෂේතයට ලබා දුන් ආදර්ශය සංවර්ධනය වෙමින් පවතින රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව ආදේශ කර ඇත.

රටේ යහපත නොව සිය දේශපාලන පැවැත්ම තහවුරු කිරීම සඳහා ඉන්දියාවට නැඹුරු වෙමින් සහ පකිස්තානය දුරස් කරම්න් කටයුතු කළ ෂේක් හසීනා මෙන් නොව මුහම්මද් යුනුස් කටයුතු කරන්නේ පකිස්තානයේ සුහදත්වය වර්ධනය කරමින් මධ්‍යස්ත පිළිවෙක් අනුගමනය කරමිනි. පකිස්තානයේ මෙන්ම බංගල්දේශයේද අති බහුතරයක් මුස්ලිම්වරුන්ය. බංගලාදේශයේ අගනුවර වන ඩාකා නුවර ලොව වැඩිම මුස්ලිම් පල්ලි පිහිටා ඇති නගරයක් ලෙස ප්‍රකටය.

යුනුස් වැනි අවංක බවට ප්‍රකට පුද්ගලයෙකු බංගලාදේශයේ පාලන තන්ත්‍රනයට පිවිසීම පකිස්තානය සමග සබඳතා දියුණු වීමට මුල පිරිය හැකි අතර පකිස්තානයද මෙවන් අවස්තාවක් සඳහා බොහෝ කලක සිට බලා සිටියේය. කෙසේ වෙතත් දෙරටේම තරුණ පරම්පරාවට බංගලාදේශය හා පකිස්තානය කලක් එක් රටක්ව තිබුනු අතීතය වනාහි ඉතිහාසය මුල් කර ගත් තොරතුරක් පමණක් වන හෙයින් සහ ඔවුන් අතර ඒකීය මානසිකත්වයක් නැති නිසා මෙම සබඳතාවය දිගටම සහ වඩාත් ඵලදායීව පවත්වාගෙන යාම මඳක් අසීරු විය හැකිය යැයි දේශපාලන විචාරකයින් අදහස් දක්වති. විශේෂයෙන් වෙන්ව යාමෙන් පසු සැලකිය යුතු දියුණුවක් අත් කර නොමැති බංගලාදේශය වඩාත් සමීප කරගන්නට න්‍යශ්ටික තාක්‍ෂණය පවා අත් කර සිටින පකිස්තානයේ බහුතරයක් ජනයා එතරම් කැමැත්තක් නොදක්වනු ඇත.

මේ අතර අසල්වැසි මුස්ලිම් රටවල් දෙක අතර ලියලන්නට පටන් ගෙන ඇති අලුත් ආලය ගැන ඉන්දියාව කණස්සල්ලට පත්ව සිටියි. ඉන්දියාව කවදත් සිතුවේ පකිස්තානයේ සහ බංගලාදේශයේ භෞමික පිහිටීම අනුව ඒ දෙරට වෙන්ව සහ සුහදත්වයෙන් තොරව සිටීම තමන්ට ආරක්‍ෂක කෝණයකින් වඩාත් යහපත් වනු ඇති බවයි. එපමණක් නොව රාජතාන්ත්‍රික වාණිජ සහ ආර්ථික කෝණවලින් ගතවුනු වසර 56 ක පමණ කාලයක් බංගලාදේශය සමීපව කටයුතු කළේ ඉන්දියාව සමග වන නිසා හදිසියේම ඉන්දියාවේ පසමිතුරු පකිස්තානය සමග අළුත් සමීපතා වර්ධනකය කර ගැනීම බංගලාදේශයටද පහසු කාරියක් නොවනු ඇත.

මේ අතර පකිස්තානය බංගලාදේශය අතර පසුගිය වසර දක්වා පැවති ඩොලර් මිලියන 700 ක පමණ වන ආර්ථික ගනුදෙනු ඩොලර් බිලියන 8 ක් හෙවත් සිව් ගුණයකින් වැඩි කරන්නට පකිස්තානය කැමැත්ත පළ කර ඇති තත්වයද මෙයට අමතරව හමුදාමය සහය ඇතුලු විවිධ ඉසව්වලින් දෙරට අතර සහයෝගිතා වැඩිදියුණු විය හැකි ශාක්‍යතාවයද ඉන්දියාව කණස්සල්ලට පත් කර ඇත. ගත වුනු ජනවාරි මස දෙරට නාවික හමුද එක්ව පකිස්තානයේ කරාච්චි නගරය අසළ මුහුදේ සාගරබද හරඹයකද යෙදුනි. මෙම ප්‍රවණතාවයන් බංගලාදේශය පකිස්තානයට වඩාත් සමීප කර තමන්ගෙන් ඈත් කරනු ඇත යැයි ඉන්දියාව සැක කරයි. දෙරට මුස්ලිම් නායකයන් ගතවුනු මාස කිහිපය තුල කිහිප වතාවක්ම හමු වී සාකච්ඡා කර තිබීමද ඉන්දියාවේ මෙම බිය වඩාත් වැඩි කර ඇත.’

දකුණු ආසියාතික රටවල් ගත් කල ඉතිහාසයේ අමිහිරි මතකයන් පවා සංගීතය කලාව වැනි වඩා අල්ප කරුනු නිසා සුවපත් වන සහ යටපත් වන අවස්ථා දැකිය හැකිය. නිදසුනකට රජිව් ගාන්ධි, නරේන්‍ද්‍ර මෝඩි වැනි චරිත ලාංකික අපට නුරුස්සන්නේ විය හැකි නමුත් සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, මොහමඩ් රාෆි, ලතා මංගේෂ්කර් වැනි ඉන්දිය කලාකරුවන් අපට ඉතා ප්‍රියය. කෙසේ වෙතත් දේශ අතර ප්‍රබල ආර්ථික සහ ආරක්‍ෂක සබඳතා සඳහා කලාව හෝ සංස්කෘතිය මුල් කරගත් කාරනා ප්‍රබල සාධක නොවුවද සමීප සබඳතා සඳහා වන ගමනට එමගින් සහය නොලැබෙන්නේ නොවේ.

පකිස්තානය සහ බංගලාදේශය ගත් කල සුද්දන්ගෙන් නිදහස ලැබු 1948 වකවානුවේ සිට 1971 බංගලාදේශය බිහි වන තෙක් වසර විස්සකට අධික කාලයක් එම ඉස්ලාමීය රටවල් දෙක එක් රටක්ව පැවති හෙයින් අළුත් කර ගත හැකි පරණ සංස්කෘතික සහ කලාත්මක සිහිවටන සහ දැනැඳුකම් මෙම රටවල් දෙක අතර බොහෝ පැවතීම ඔවුන්ට සැලකිය යුතු වාසයකි. උදාහරණයකට හැත්තෑව දශකයේ උතුරු පකිස්තානයේ සිට නැගෙනහිර පකිස්තානයට 1974 සංක්‍රමණය වු සබ්නම් ගෝෂ් නම් නිළියව පකිස්තානුවන් අදත් ආදරයෙන් සිහිපත් කරති. එමෙන්ම ප්‍රකට සුෆි සංගිතවේදි රහාත් ෆතේහ් අලි ඛාන් පසුගිය දිනෙක සංගීත විශේෂාංගයක් සඳහා බංගල්දේශයට පැමිණි විට ඔහුව පකිස්තාන ජනයා විසින් ඉතා ආදරයෙන් පිළිගන්නා ලදි. මෙවන් පිළිගැනීම් සිදු වුයේ පකිස්තානය සහ බංගල්දේශය අතර විවිධ ගැටුම් සහ මතභේද තිබෙන විටමය.

අභිනව සබඳතාවල මෙම තාවකාලික උණුසුම්භාවය පවත්වා ගැනීම සඳහා, පකිස්තානය සහ බංග්ලාදේශය වෙළඳ ඉලක්ක නියම කර ගැනීමට හෝ සුබ පැතුම් හුවමාරු කර ගැනීමට වඩා වැඩි යමක් කළ යුතුය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී නව වෙළඳ ප්‍රතිපත්ති මගින් එකසේ ඉලක්ක කරගත් ඇති රටවල් දෙකක් ලෙසින් පකිස්තානය සහ බංග්ලාදේශය දෙරටම ගෝලීය වෙළඳපොළට සාධාරණ ප්‍රවේශයක් සඳහා නව වෙළඳපොළවල්, නව සගයන් මෙන්ම සමහර පැරණි මිතුරන් වැනි විකල්ප සොයමින් සිටිති.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සංවර්ධන මුලාරම්භ සඳහා මුල්‍ය සහය දක්වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ ආයතන විසින් අරමුදල් කපා දැමීම නිසා පකිස්තානය සහ බංග්ලාදේශය වැනි තුන්වන ලෝකයේ ඌන සංවර්ධිත රටවල් දැන් දැඩි අසීරුතාවලට මුහුණ දෙමින් සිටිති. ඒ අනුව තම අවශ්‍යතා ස්වාධීනව තක්සේරු කර ගැනීමේ නව හදිසියක් එම රටවලට පැන නැග ඇත. පසුගිය දශක කිහිපය තුළ, බංග්ලාදේශය අසාමාන්‍ය දෙයක් සාක්‍ෂාත් කර පෙන්වා ඇත. එය නම් බොහෝ දුරට කාන්තාවන් මුල්වු එහි දුප්පත්ම පුරවැසියන්ගේ නිහඬ, විනයගරුක නැඟි සිටීමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ජාතියේ අපනයන බලගන්වන ඇඟලු‍ම් කර්මාන්තශාලාවල රැකියා සොයා ගත්හ. මෑතක් දක්වා ලොව දුප්පත්ම රටවලින් එකක් ලෙස සලකනු ලැබූ බංගලාදේශය අද ආදර්ශයක් බවට පත්ව ඇත. මෙනිසා පකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් දෙකම යම් ආකාරයක රාජ්‍ය තාන්ත්‍රිකභාවයකට කැපවිය යුතුය. එයින් අදහස් කරන්නේ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමේ ආවේගය පසෙකට දමා ඒ වෙනුවට හවුල්කාරිත්වයෙන් ගොඩනගා ගත හැකි දේ දෙස යෙමු වීමයි.

දැඩි දරිද්‍රතාවය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ පොරබදමින් සිටින පාකිස්තානයට, දරිද්‍රතාවය අඩු කිරීම සහ ඇගලුම් අපනයන අංශයේ වර්ධනය පිළිබඳ බංග්ලාදේශයේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. අනෙක් අතට, පකිස්තාන ආයෝජන සහ වෙළඳපල ප්‍රවේශයෙන් බංග්ලාදේශයටද වාසි ලැබිය හැකිය.
ගෝලීය වේදිකාවල වර්තමානයෙහි සහයෝගීතාවයටද ඉඩකඩ තිබේ. බහුපාර්ශ්වික සංවර්ධන කටයුතු සඳහා බටහිර සහන සංවිධානව අරමුදල් අඩු කරන විට, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය පිළිබඳ කලාපීය සහයෝගීතාවය වඩාත් වැදගත් වනු ඇත.
ගෝලීය මට්ටමේ ප්‍රකට චරිතයක් වන මුහම්මද් යූනුස්, පකිස්තානය සමඟ පමණක් නොව බහුපාර්ශ්වික සංසදවලද හිඩැස් පියවීම සඳහා උපකාරී විය හැකිය.
සංකේතවාදය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත් වේ. පාකිස්තානය සහ බංග්ලාදේශය සඳහා, පසුගිය සතියේ ඔවුන්ගේ නායකයින් අතර රාමසාන් සුබ පැතුම් හුවමාරුව වඩාත් අර්ථවත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ඉලක්කයක් කරා ළඟා වීමේ පළමු පියවර සනිටුහන් කළ යුතුය. වසර 50 ක විරසකයකින් පසු, කුඩා පියවරකට පවා ඉතිහාසයේ බර ඉසිලීමේ හැකියාව තිබෙන්නට පුළුවන.