NEWSNOW | – එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ ඒ හා සමගාමී දිගු සති අන්තය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ දුම්රිය සේවා ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, මෙම කාලය තුළ කොළඹ-කොටුවේ සිට බදුල්ල, අනුරාධපුර සහ ගාල්ල දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ.
පළමු, දෙවන සහ තෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා ද කටයුතු සූදානම් කර ඇත.
2025 අප්‍රේල් 10 සිට 20 දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්’තමේන්තුව පවසයි.