තායි එයාර්’වේස් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර වසරක් සපිරෙයි

0
137

NEWSNOW | –  තායි එයාර්’වේස් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් අද(01) උදෑසන සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

මෙහිදී වසරක් සපිරීම සිහිපත් කරමින් කේක් කපා පිළිගන්වන ලදී.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට සංචාරක අත්දැකීම්වලින් පිරුණු අපූරු ගමනකට බාධාවකින් තොරව බැංකොක් සිට පැමිණීමට තායි එයාර්’වේස්, දක්වන සහයට කටුනායක ගුවන්තොටුපල බලධාරීන් සිය ස්තූතිය පල කර සිටියේය.