සූර්’ය බලශක්ති පෝෂක ගාස්තු අඩු කිරීමේ යෝජිත යෝජනාවට සූර්’ය කර්’මාන්ත සංගමයේ විරෝධය

0
22

NEWSNOW | – වහල මත සූර්’ය බලශක්ති පෝෂක ගාස්තු අඩු කිරීමට යෝජිත යෝජනාවට සූර්’ය කර්’මාන්ත සංගමය (SIA) දැඩි විරෝධතා මතු කර තිබේ.

ඔවුන් අනතුරු අඟවන්නේ එය ශ්‍රී ලංකාවේ සූර්’ය බලශක්ති අංශයට දැඩි ලෙස බලපානු ඇති බවටය.

යෝජිත තීරුබදු කප්පාදුව – රුපියල් 27 සහ රුපියල් 23 සිට රුපියල් 19 සහ රුපියල් 14 දක්වා – ව්‍යාපාර 1,000 කට අධික සංඛ්‍යාවකට සහ සේවකයින් 40,000 කට වැඩි පිරිසකගේ ජීවනෝපායන්ට තර්’ජනයක් වන බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්’ධන වෙත ලිපියක් යවමින්, SIA සඳහන් කළේය.

2024 දී වහල මත සූර්’ය බලශක්තිය මෙගාවොට් 500 කට වඩා දායක වූ බවත්, එය පුනර්’ජ නනීය බලශක්තියේ වේගයෙන්ම වර්’ධනය වන අංශය බවට පත් කළ බවත් එම සංගමය සඳහන් කළේය.