රාත්‍රියේ වැසි වැටෙන ලකුණු

0
19

NEWSNOW| – නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් අද(13) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටී.