Home දේශීය පුවත් ජාතිය ගොඩනැගීමේදී මාධ්‍ය කාර්’ය භාර්’ය පෙන්වා දෙමින් අවසන් වූ newsnow සංවාදය සහ...
NEWSNOW | – පහන මාධ්‍ය ආයතනය විසින් වාර්’ෂිකව සංවිධානය කරන ඉෆ්තාර් උත්සවය සහ විද්වත් කතිකාව ඊයේ(12) වැල්ලවත්ත මියාමි උත්සව ශාලාවේදී පැවැත්වුණි.
මෙම උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූයේ තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ මනිදනේය ජනනායග කච්චි නායක තමිමුන් අන්සාරි මහතාය.
විශේෂයෙන්ම ආගමික නායකයින්, විද්වතුන්, දේශපාලන චරිත, මාධ්‍ය චරිත, සහ ව්‍යාපාරිකයින් ඇතුළු සියයකට වැඩි ආරාධිත අමුත්තන් පිරිසක් ඊට සහභාගී වූහ.

මුලින්ම කුරාන් කිරාත් පරායනය සිදු කළේ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂක නාසික් ෆාරුක් මදනි මවුලවිතුමා විසිනි.
ඉන් අනතුරුව පහන මාධ්‍ය ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ අබ්දුල් මුජීබ් මවුලවිතුමා පිළිගැනීමේ කතාව සිදු කළේය.

‘ඒකීය රාජ්‍යක් වෙනුවෙන් මාධ්‍යයේ කාර්’ය භාර්’ය’ යන මැයෙන් අනුශාසනාවක් සිදු කරනු ලැබුවේ ධර්’ම ශක්ති සංවිධානයේ සම සභාපති අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය ආචාර්’ය මාදම්පාගම අස්සජි තිස්ස හිමියන් විසිනි.පසුව මහානායක හිමියන් වෙත සමරු තිලිණ ප්‍රධානයක් සිදු කෙරුණි.

පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් වසර 6ක මාධ්‍ය මෙහෙවරක නිරතවූ newsnow ආ ගමන් මග පිළිබඳ සැකසුණු වීඩියෝවක් අනතුරුව තිරගත කෙරුණි.
ඉන්පසුව ප්‍රධාන ආරාධිතයා වූ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා විසින් ‘යහපත් මධ්‍යකරණය’ යන මාතෘකාවෙන් කෙටි දේශනයක් පැවැත්වීය. අනතුරුව අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය ආචාර්’ය මාදම්පාගම අස්සජි තිස්ස හිමියන් අතින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරුණි.
ඉන්පසුව ඉෆ්තාර් අවස්ථාව (උපවාසය අවසන් කිරීමේ වේලාව) 6.22ට ආසන්න වීමත් සමඟ සියළු දෙනාම ඊට එක්වූහ. ඒ අවස්ථාවේ ආගමික නායකයින් ඇතුළු සියළු අන් ආගමිකයින්ද මෙම ඉෆ්තාර් සංග්‍රහය භුක්ති විදිමින් සැබෑ ආගමික සංහිදියාව පෙන්වූහ.

පසුව ‘ජනමාධ්‍යයෙන් පිවිතුරු ශ්‍රී ලංකවක් ගොඩනඟීම සහ නිව්ස් නව් ගමන් මග’ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා විසිනි. පසුව මංජුල ගජනායක මහතා වෙත සමරු තිළිණය ප්‍රදානය කෙරුණේ මනිදනේය ජනනායග කච්චි නායක තමිමුන් අන්සාරි විසිනි.


එම දේශනයෙන් පසුව අපගේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූ තමිල් තමිල්නාඩුවේ මනිදනේය ජනනයග කච්චි නායක සහ හිටපු තමිල්නාඩු ප්‍රන්ත මන්ත්‍රී නමිමුන් අන්සාරි මහතා ” සංහිදියව සඳහා මාධ්‍ය – තමිල්නාඩුවේ ආදර්’ශ” යන මැයෙන් දේශනයක් පවත්වන ලදී. ඔහුගේ කතාවෙන් අනතුරුව අන්සාරි මහතාට තිළණ ප්‍රධානය කිරීම රුහුණ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්’ය ධම්මික ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
හිටපු තමිල්නාඩු ප්‍රන්ත මන්ත්‍රීවරයා විසින් පහන මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙත සළුවක් පළඳා ඔහු පහන මාධ්‍ය ආයතනය සමඟ කරන කැප කිරීම ඇගයීමට ලක් කළේය.

මෙම වැඩසටහනට සපැමිණි සැමට ස්තූතිය පල කළේ පහන මීඩියා ආයතනයේ කළමනකාර මණ්ඩලයේ සමාජික හන් හුසේන් මහතා විසිනි.