NEWSNOW | – කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාවලීන් ඉදිරියට ගෙනයෑම සඳහා කැපවන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
”ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දවසේ අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටිමු. මෙය අප ලබාඇති ජයග්‍රහණ සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි.
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට, වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි.
සෑම කාන්තාවක්ම ආරක්ෂිත වනතුරු කිසිදු කාන්තාවක් ආරක්ෂිත නොවේ. අපි එකිනෙකා ආරක්ෂා කිරීමට කැපවිය යුතුය. කිසිවකු අතහැර නොයන බවට සහතික විය යුතුය. එසේම සෑම කාන්තාවකගේම අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කළ යුතුය. මෙරට මුළු ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වන අතර 1931 දී අපට සර්වජන ඡන්ද බලය ලැබුණි. පසුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස වැඩිකිරීමට අපට හැකිවිය. අපි එය ජයග්‍රහණයක් ලෙස සලකන නමුත්, එය තවමත් ඉතා අඩු අගයක් බව පිළිගත යුතුය. මෙරට පුරවැසියන්ගෙන් සැලකිය යුතු කොටසක් නායකත්වයෙන් සහ තීරණ
ගැනීමෙන් බැහැර කෙරෙන්නේ නම් අප බලාපොරොත්තු වන “ප්රජාතන්ත්රවාදය” අසම්පූර්ණ එකක් වනු ඇත. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය, දේශගුණික විපර්යාස, ඩිජිටල් පරිවර්තනය සහ ප්රජාතන්ත්රවාදී අභියෝගවලට මුහුණදෙන මොහොතක අපගේ ජනගහනයෙන් අඩක් පමණ ඇතුළත් කර නොගැනීම අපට නොසලකා හැරිය හැක්කක් නොවේ. මෙම අභියෝග ජයගැනීමට සහ සැමට සමාන අවස්ථා හිමිවන අනාගතයක්
ගොඩනැගීමට කාන්තා හඬ, නායකත්වය සහ නියෝජනය අත්‍යවශ්‍ය වේ.
ස්ත්‍රීවාදී ව්‍යාපාර දිගු කලක් තිස්සේ අපට පෙන්වා දී ඇත්තේ වෙනසක් කළ හැකි බවය. නමුත්, ඒ අපි පවතින තත්ත්වයට අභියෝග කර සමස්ත ක්‍රමයෙන් පරිවර්තනයක් අපේක්ෂා කරන්නේ නම් පමණි. ශ්‍රී ලංකාවේ අග්රාමතා්යවරිය ලෙස, කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාවලීන් ඉදිරියට ගෙනයෑම සඳහා වන අපගේ කැපවීම යළි තහවුරු කරන්නෙමි. මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී වචනවලින් පමණක් නොව, ස්ත්‍රී පුරුෂ භාවයට, සංවේදී ප්‍රතිපත්ති, අයවැය සහ සියලුම කාන්තාවන්ගේ සහ ආන්තික ප්රජාවන්ගේ ජීවමාන අත්දැකීම් හරහා පරිවර්තනීය ක්‍රියාමාර්ග සඳහා අප කැපවී ක්‍රියාකරන බවට සහතික වන්නෙමු. කාන්තාවන් දියුණු වනනේ නම් සමස්ත ප්‍රජාවම දියුණු වේ. කාන්තාවන් නායකත්වය දරන කල්හි සමස්ත ප්‍රජාවම පරිවර්ථනයකට ලක්වේ.
මේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී වචනවලින් ඔබ්බට ගොස් අතීත, වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වෙමු. දිගු කාලීන වෙනසක් සඳහා කැපවෙමු.”