බොල්ගොඩ මුහුදේ ගිලී විදෙස් ජාතික කාන්තාවක මරුට

0
101

NEWSNOW | – බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි ජෝර්’දාන් ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබේ.

ඊයේ (23) දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසු ව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

අවට සිටි පිරිස් විසින් අනතුරට පත් කාන්තාව ගොඩට ගෙන බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 25ක් වන ජෝර්’දාන් ජාතික කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.