ඝාතනයට ලක්වූ සංජීවගේ දේහය මවට භාරදීමට සූදානම්

0
45

NEWSNOW| –  ඝාතනයට ලක් වූ පාතාල නායක ගනේමුල්ල සංජීවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මිහිදන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබේ.

මේ තත්ත්වය තුළ ගනේමුල්ල සංජීවගේ දේහය ඔහුගේ මවට භාරදීමට නියමිත බව කොළඹ අපරාධ විමර්ශන අංශය ප්‍රකාශ කළේය.

පොලීසිය සඳහන් කළේ, සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ දී සිදු කෙරෙන බවයි.

වෙඩි තබා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කල්ලි ප්‍රධානියා වන ගණේමුල්ල සංජීව මියගොස් පැය 24කට වැඩි කාලයක් ගතවී ඇතත් ඔහුගේ සිරුරට හිමිකම් කීමට කිසිවකු ඉදිරිපත් නොවීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කනේමුල්ල සංජීවගේ සොහොයුරිය ඉදිරිපත් වුවද ඇයගේ වාසගමේ වෙනසක් හේතුවෙන් දේහය ඇයට භාරදී නැහැ.

මේ අතර ගණේමුල්ල සංජීවගේ බිරිද දේහය භාරගැනීමට ඉදිරිපත්ව නැතත් මෘත දේහය මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගණේමුල්ල සංජීවගේ දේහය ඔහුගේ මවට භාරදීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.