හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක පාර්’ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ පියා වන බදියුදීන් හාජි මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පාර්’ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙන්ම, හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් සහ රියාස් බදියුදීන් යන අයගේ පියාය.
අවමංගල්‍ය කටයුතු අද (18) තිල්ලෙයියාඩි අල්මිනා පුරම් වෙත ගෙන යාමට නියමිතය. අසර් යාච්ඤාවෙන් පසු පස්වරු 4 ට පුත්තලම රත්මල්යාය අල්- කාසිමි නගරයේ සුසාන භූමියේදී භූමදානය සිදු කෙරේ.