NEWSNOW | – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සියොන්වාදී අදහස අරාබි ලෝකය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ පුරසාරම් දොඩමින්, එක්සත් ජනපදය ගාසා තීරය ‘ඔවුන් භාරයට ගන්නා බවත්, එහි වෙසෙන මිලියන දෙකක පලස්තීනුවන් ඊජිප්තුව සහ ජෝර්දානය වැනි රටවලට ගෙන යන බවත්, එම කලාපය ‘මැදපෙරදිග කොරිඩෝවක්’ ලෙස යළි හැඩගස්වන බවත් ය.
ට්‍රම්ප්ගේ සැලැස්ම ජාත්‍යන්තරව, විශේෂයෙන් අරාබි ලෝකයේ විශාල විරෝධතා නිර්මාණය කර ඇත. “මෙය පලස්තීන ජනතාවට එරෙහිව හෝ වෙනත් කිසිදු රාජ්‍යයකට එරෙහිව පිළිගත නොහැකිය” යනුවෙන් කුවේටයේ එක්සත් ජාතීන්ගේ තානාපති Tariq Al Bannai මහතා පැවසීය.
‘අරාබිවරුන් වන අපට රිවීරාවක් දැකීමට අවශ්‍යයි – ස්වාධීන සහ ජාත්‍යන්තරව පිළිගත් පලස්තීන රාජ්‍යයක්.’
පලස්තීන ප්‍රජාව, බලහත්කාරයෙන් පලවා හැරීමේ සංකල්පය ඊශ්‍රායලය 1948 හි පිහිටුවන විට ඔවුන් අත්විඳින ලද නක්බා පිළිබඳ මතකයන් නැවත ගෙන එයි.
“මොනවා වුණත් පලස්තීන ජනතාවට පාඩුවක් වෙන කිසිම දෙයක් අපි පිළිගන්නේ නැහැ. මූලික වශයෙන්, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මරා දැමූවන් සඳහා අපි ඕනෑවටත් වඩා ගෙවා ඇති බව පලස්තීනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති රියාද් මන්සූර් මහතා පැවසීය.