(LLb – ගෞරව) නීතිඥ මාස්.එල්.යුසුෆ් විසිනි

දැනට 60 හැවිරිදියේ පසුවන සුප්‍රකට ගායිකාවක මෙන්ම නිළියක්ද වු ජෙනිෆර් ලුවිස් තම තුරුණු වියෙහි රෝග විනිශ්චයට ලක් නොවු බයිපෝලාර් ඩිසෝඩර් (Bipolar disorder) නම් වන විරල මානසික ආතතියකින් පෙළුනාය. මෙයට අමතරව අසීමිත ලිංගික ආශාවෙන්ද ඇය පෙළුනු අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව දරුණු ලෙස විවේචනය කිරීම නිසා දැවැන්ත ආන්දෝලනයක්ද ඇය ඇති කළාය. ඇය ඉගි කරන්නේ ට්‍රම්ප්ද තමා මෙන්ම රෝග විනිශ්චයට ලක් නොවු බයිපෝලාර් ඩිසෝඩර් රෝගයෙන් පෙළෙන්නෙකු බැවින් තමා ඔහු කරන විකාර වැඩවලට ඔහුට වෛර නොකරන බව හා එවන් මානසික රෝගය යනු කුමක්දැයි තමා දන්නා නිසා ඔහු ගැන කණගාටු වන බවයි. මානසික රෝගයට අමතරව ට්‍රම්ප් සෝසියෝපැත් නම් වන ජනසමාජය පිළිකුල් කරන රෝගයකින්ද පෙළෙනවා. එවැන්නන්ට අන් අයගේ දුක ගැන හැඟීම් නැත’ යැයිද සමාජ ක්‍රියාකාරිනියක්ද වන ලුවිස් පවසයි.
සෝසියෝපැත් නම් වන සමාජයට වෛර කරන මානසික රෝගීන්ට දයාව හෝ කරුණාව යනු කුමක්දැයි වැටහීමක් නැති අතර සුළු දෙයකින් පවා ඔවුන් වහා කිපෙති. එමෙන්ම තවත් කෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා ගෙන යාමට මෙන්ම ජනසමාජය විසින් පිළිගත් රීතීන් අනුගමනය කිරීමට මොවුන්ට නොහැකිය. තවද තමා වටා සිටින සියල්ලන්ම තමාට හතුරුකම් කරන්නට මාන බලන්නේය යැයිද සැක සිතෙන පැරනෝයියා නම් වන මානසික ව්යාකුලතාවයක්ද මෙවැන්නන්ට තිබෙනු දැකිය හැකිය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණ සති කිහිපයකින්ම ඔහුට ඡන්දය දුන් අති බහුතරයක්ම දැන් අදහස් දක්වන්නේ විවිධ නරුම නීති රීති පනවමින් ඇමරිකාවේ අභ්‍යන්තරය අවුල් ජාලාවක් කරන්නට පටන් ගෙන ඇතිවාට අමරතව ජාත්‍යන්තර තලයෙහි පවා එක්සත් ජනපදයට අපකීර්’තිය ඇති කරමින් සහ එමගින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් සිටින බවයි. ඒ තරමටම ට්‍රම්ප් සීමා විරහිතව අනුවණ පියවර ගනිමින් සිටියි.
ට්‍රම්ප්ගේ පිස්සු වැඩ
අතිශය අවිචාරවත් සහ තේරුමක් නැති වෛරයකින් යුතුව පැරිස් ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය ඉවත් කළේය. මෙමගින් දේශගුණික විපර්’යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවය විෂයයෙහි ජගත් තලයෙහි එක්සත් ජනපදයට තිබුනු විශ්වසනීයත්වයට දැඩි හානි ඇති විය.
මෙයට අමතරව විමර්’ශන සඳහා වන ෆෙඩරල් කාර්’යාංශය හෙවත් එෆ්බී.අයි ආයතනයේ අධ්යක්ෂ ජේම්ස් කෝමි එම තවනතුරෙන් ට්‍රම්ප් අස් කර දැම්මේය. මෙයට හේතුව ඔහු ට්‍රම්ප්ට සුවිශේෂී පක්ෂපාතීත්වයක් නොපෙන්වීම හා ට්‍රම්ප්ගේ නරුම පදවලට නටන්නට කැමති නොවීමයි.එක්සත් ජනපදයේ දිගු කාලීන මැදපෙරදිග මිතුරු රාජ්‍යයක් වන හා ලොව ධනවත්ම රටක් වන කටාරය සමග තිබු සුහදතවාය එකම එක ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රම්ප් පළුදු කර ගත්තේය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඇබ්බැහියන් යැයි සැක පිට අත්අඩංගුවට ගත් දහස් ගණන් සැකකරුවන් කිසිදු නඩු විභාගයකින් තොරව සහ නීති විරෝධී ලෙසින් ඝාතන කිරීමේ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්’ටේගේ නොමිනිස් ක්‍රියාව ට්‍රම්ප් පැසසුමට ලක් කළේය. ට්‍රම්ප් තම විධායක අධිකාරිය භාවිතා කරමින් කිසිදු පුර්’ව දැන්වීමක් නොමැතිව, එක්සත් ජනපදයට එමින් සිටි මුස්ලිම් සංක්‍රමණිකයින්ට එරෙහිව තහංචි පනවා රට පුරා තිබෙන ගුවන්තොටුපළවල අවුල් සහගත තත්වයක් ඇති කළේය.රුසියාව සම්බන්ධ විමර්’ශනයකදි අස්‍ය තොරතුරු සිතා මතාම කීමේ චෝදනවාට ලක් වනු සහ වරද පිළිගත් මයිකල් ෆ්ලින් නමැත්තාව තම ජාතික ආරක්ෂක උපදේශක ලෙස ට්‍රම්ප් බඳවා ගත්තේය. හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා තමාගේ දුරකථන සංවාදවලට නීති විරෝධී ලෙස හොරෙන් සවන් දුන්නේය යැයි ට්‍රම්ප් පදනම් විරහිතව ඔහුට චෝදනා නැගුවේය.
මෙලෙසින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරලු බාල්දිවල ලැයිස්තුව නිමක් නැතිව දික් ගැසෙනු දැකිය හැකිය.
(ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විකාර වැඩ සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු එරික් ලෙවිට්ස් විසින් ලියන ලද ඕල් දි ටෙරිෆයිං තිංස් දැට් ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිඩ් ලේට්ලි යන ඉංග්‍රිසි බසින් යුත් පොතෙන් දැක ගත හැකිය)

ට්‍රම්ප්ට ඇති සෝසියෝපැතික් මානසික රෝගී තත්වය
සෝසියෝපැතික් යනු ජනසමාජය පිළිකුල් කරන මානසික ලෙඩක් යැයි මා ඉහත සඳහන් කළෙමි. මෙම තත්වයට පත් වන්නන් විකාර වැඩ කරනු ඇති අතර තමා වටා සිටින සියල්ලන්ම තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන්නේය යැයිද සැක කරති. ඉහත සඳහන් කර ඇති සහ සඳහන් කර නැති විකාර පියවර ට්‍රම්ප් ගත්තේ මෙම මානසික රෝගී තත්වය නිසාද යන කරුන සැකයෙන් තොරව තහවුරු කළ හැක්කේ මානසික රෝගී විශේෂඥයෙකුට පමණක් බව සැබවි. එනමුත්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ඔහු ගත් නවතම පියවර බලන කල ට්‍රම්ප් උන්මාදයෙන් පෙළෙන බව කීමට එවන් විශේෂඥයෙකු වීම අවශ්‍ය යැයි නොසිතේ. අනුන්ගේ හැගීම් විෂයෙහි අසංවේදි හෙවත් දරදඬු වීම, සාමජ රීති කැඩීම වැන සෝසියෝපැතික් ලෙඩෙකුගේ රෝග ලක්ෂණ පැහැදැලිවම ට්‍රම්ප් වෙත දකින විට ඔහු ගැන තීරණයක් ගැනීම අපහසු නොවිය. මෙය වඩාත් තහවුරු කර ගන්නට ට්‍රම්ප්ගේ තවත් විකාර වැඩ කිහිපයකට යොමු වීම උචිත යැයි සිතමි.
එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීම
රටවල් පහළොවක සාමාජිකත්වයෙන් යුත් එ.ජා ආරක්ෂක කවුන්සිලය පසුගිය දිනෙක එහි සාමාජික රටවල් අටක් විසින් හදිසි රැස්වීමක් සඳහා කැඳවන ලදි. ප්‍රංශය, බොලිවියාව, මිසරය, ඉතාලිය, සෙනේගලය, ස්වීඩනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ එම රටවල් විය. රැස්වීමේ අරමුණ වුයේ ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට වොෂින්ටනය ගත් ඒකපාර්’ශවික තීරණය ගැන ප්‍රශ්න කිරීමයි. එම රැස්වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ එ.ජා ආරක්ෂක මණ්ඩලය තුල එක්සත් ජනපදය හුදකලා වීමයි.
‘ජෙරුසලමේ තත්ත්වය තීරණය කළ යුත්තේ ”ඊශ්‍රායල සහ පලස්තීන අතර සාකච්ඡා පැවැත්වීමෙන් හා එකගතාවයකට එළඹීමෙන් පසුවය’ යැයි රැස්වු රටවල් අතර සිටි යුරෝපීය රටවල් පහ රැස්වීම අවසානයෙහි ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණ කළේය. එවන් ක්‍රියාදාමයක් සිදුවන තෙක් ජෙරුසලමය විෂයයෙහි කිසිදු ස්වෛරීභාවයක් යුරෝපා සංගමය පිළිගන්නේ නැති බවද එහි සඳහන් විය. එමෙන්ම යුරෝපා සංගමයට පැහැදිලි සහ සාමුහික ස්ථාවරයක් ඇත යැයිද ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමට ඇති එකම යථාර්’ථවාදී විසඳුම රාජ්‍යයන් දෙකක් මත පදනම් වී ඇති බවත්, ජෙරුසලම යනු ඊශ්‍රායල රාජ්‍යයේ හෝ පලස්තීන රාජ්‍යයේ අගනුවර බවට යුරෝපා සංගමය අපි විශ්වාස නොකරන බවත් එහි වැඩිදුරටත් අවධාරණයෙන් සඳහන් කර තිබුණි.
ලොව පුරා විරෝධය
ජෙරූසලමය සම්බන්ධ වොෂිංටනයේ ස්ථාවරය පිළිගෙන සිටියේ එයින් වාසි ලබන එකම රට වන ඉස්රායේලය පමණි. ඒ හැර ලොව කිසිදු රටක් මෙය අනුමත කළේ නැත. එක්සත් ජනපදයේ මෙම යුදෙව් පක්ෂපාතී ඒකපාර්’ශවික හිතූමතය ගැන අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගූටරෙස් ඊශ්‍රායල සහ පලස්තීන අතර සාමය ඇති කිරීමේ ක්‍රියාවලියට තර්ජනයක් විය හැකි සියලුම ඒකපාර්’ ක පියවරවලට එරෙහිව නිරන්තරයෙන් මා අනතුරු අගවා ඇත්තෙමි. එමෙන්ම ජෙරුසලම ප්රශ්නය යනු සෘජු සාකච්ඡා හරහා විසඳා ගත යුතු අවසාන අදියරේ කාරනාවකි’ යැයි පැවසීය.
මේ පිළිබඳ ඉරාක රජය පැවසුවේ අනවශ්‍ය ලෙස කලාපය පුරා ත්‍රස්තවාදය උසි නොගන්වනු පිණිස මෙම ප්‍රකාශය එක්සත් ජනපදය ඉල්ලා අස් කර ගත යුතු බවයි. ඉරාකයේ ඉහළතම ෂියා ඉමාම්වරයෙකු වන ආයාතුල්ලා අලි සිස්තානිද ඇමරිකාවේ මෙම පියවර ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත අරාබින්ගේ සහ මුස්ලිම්වරුන්ගේ සිත්වලට වේදනාව ඇති කරන බව පෙන්වා දුන්නේය. ලෙබනන් ජනාධිපති මිචෙල් නයිම් අවුන් මෙය ගැන අදහස් ප්‍රකාශ කරමින් ට්‍රම්ප්ගේ මෙම තීරණය කලාපයේ සාම ක්‍රියාවලියට සහ ස්ථාවරත්වයට තර්’ජනයකි’’ යැයි සිය කණස්සල්ල පළ කළේය.
මිසර සහ සිරියානු නායකයන්ද මෙය හෙළා දුටුවෝය. ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලමය ට්‍රම්ප් පිළිගත් පමණින් එහි නීතිමය තත්ත්වය වෙනස් නොවන බව මිසර ජනාධිපති පෙන්වා දුන් අර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් කීවේ ජෙරුසලමය අගනුවර ලෙසින් වන පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කරන තෙක් පලස්තීන සිහිනය ලොව පුරා අරාබිවරුන් අතර නොනැසී පවතිනු ඇති බව පැවසීය. මෙයට අමතරව කටාර් විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ තීරණය වර්’ණනා කළේ සාමය පතන්නන්ට භිහිසුණු දෙයක් ලෙසින් සහ එවන් වෑයම්වලට නියම කරන කළ මරණ දඬුවමක්’ ලෙසිනි. ජෝර්’ නයද එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පියවර ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දුටුවේය.
මෙය ගැන ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ එක්සත් ජනපදයේ මෙම පියවර මුස්ලිම්වරුන් කෝප ගන්වන අතර නව ඉන්තිෆාදාවක් අවුස්සනා අන්තවාදය සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම දිරිමත් කරනු ඇති බව සහ ඒ සඳහා වන වගකීම එක්සත් ජනපදයේ සියොනිසවාදය සහ ඊශ්‍රායලය මත පැටවෙනු ඇති බවයි.
මැලේසියානු අගමැති නජිබ් රසාක්, එක්සත් ජනපදයේ පියවරට දැඩි ලෙස විරුද්ධ වන ලෙස ලොව පුරා වාසය කරන මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. තුර්’කි ජනාධිපති රෙසෙප් තය්යිප් එර්’ඩෝගන් අදහස් පළ කරමින් කියා සිටියේ කලාපය ගිනි වළල්ලකට ට්‍රම්ප් ඇද දමමින් සිටින බවයි. ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ කුමක්ද? මෙය කුමන ආකාරයේ නරුම ප්රවේශයක්ද? දේශපාලන නායකයින් සිටින්නේ අරගල ඇති කිරීමට නොව සාමය ඇති කිරීමටය’ යැයිද එර්’ඩෝගන් පැවසීය.
ඉන්දුනීසියාව කීවේ එක්සත් ජනපදය සිය තීරණය නැවත සලකා බැලිය යුතු බවයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙය ප්‍රංශය අනුමත නොකරන කණගාටුදායක තීරණයක් වන අතර එය ජාත්‍යන්තර නීතියට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම යෝජනාවලද පටහැනිය යැයි සිය නොසතුට පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයට තම රජය සහාය නොදක්වන’ බව පැවසුවාය.”ඇමරිකා එක්සත් ජනපදය තම තානාපති කාර්’යාලය ජෙරුසලමට ගෙනයාමට සහ අවසාන තත්ව ගිවිසුමකට පෙර ජෙරුසලම ඊශ්‍රායල අගනුවර ලෙස පිළිගැනීමට ගත් තීරණයට අපි එකඟ නොවෙමු” යැයි කී බි්රතාන්ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ට්‍රම්ප්ගේ තීරණය සාමයට ඇති කළ වගකීම් වරහිත තර්’ජනයක්’ ලෙසින් හැඳින්වීය.

ලේ තැවරුණු දෑත්
දැන් ඉතින් දිනපතා පලස්තීන මරණ සහ තුවාල ලැබූ සංඛ්‍යාව ගණන් කිරීමට සෙසු ලෝකයා ආරම්භ කළ හැකිය. මෙම නව ප්රචණ්ඩ චක්‍රය උසි ගැන්වු පුද්ගලයා ලෙසින් ඔවුන්ගේ රුධිරය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතේ තැවරෙනු ඇත ඊශ්‍රායල ජාතිකයන් තම අවි බලයෙන් පලස්තීන නැගිටීම අනුකම්පා විරහිතව යටපත් කරනු ඇත, අතීතයේ බොහෝ සමූලඝාතනවල දක්නට ලැබු පරිදි. පලස්තීන ජනතාවගේ ගල් මුල් ගැසීමට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ දමමින් සහ මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වනු ඇත. එය හමාස් එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් යැයිද ඉස්රායේලය කියනු ඇත. ඊශ්‍රායලයේ මෙම වංචනික ක්‍රියාකලාපය දැන් පරණ හා නීරස වී ගොසිනි. ඔවුන් බලහත්කාරයෙන් අත්පත් කරගත් භූමියකට ඔවුන්ගේ අමානුෂික කෲරත්වය සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් තවතවත් අළුත් බොරු කන්දරාවක් ගොතනු ඇත.
මේ සියල්ල බලන කල හා අවසාන විශ්ලේෂණයක් ලෙසින් මෙම ලිපිය ආරම්භයෙහි සඳහන් ජෙනිෆර් ලුයිස් ට්‍රම්ප් විෂයයෙහි කර ඇති ඇගැයීම ඉතා නිවැරදි යැයි සිතේ.
මේ පිළිබඳ ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය කුමක්ද යැයි තීරණය කිරීම රටේ ජනාධිපති සහ අගමැති මෙන්ම පලස්තීන ජනතාව වෙනුවෙන් කවදත් හඬ නගන මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට භාරය. පලස්තීනයේ බියුටීනියා නගර සභාව එහි වීදියකට මහින්ද රාජපක්ෂ වීදිය කියා නමක් තබා ඇති බව මෙහි සිහිපත් කිරීම යෝග්‍යය යැයි විශ්වාස කරමි.