ඩෑන් ප්‍රියසාද් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

0
80

NEWSNOW | – ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසිනි.

පසුව ඔහු ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

39 හැවිරිදි ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු , 61/6/ඩී , මීතොටමුල්ල පාර , වැල්ලම්පිටිය යන ලිපිනයෙහි පදිංචි වී සිටින්නෙකි .

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී/46030/24 නඩුවට අදාළව මොහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මොහු සිය බිරිඳ සහ ළමුන් තිදෙනා සමග 02/11 දින අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මේ වනවිට ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් සිර මැදිරියෙහි රදවා තබා තිබෙන අතර , මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්’යාංශයේ නිලධාරීන් පිරිසක් මොහු රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණීමට නියමිතය.