ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වත්තල සිට මීගමුව දක්වා කිලෝමීටර් 20 ක වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක්

0
49

NEWSNOW | –  ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගත් සුන්දර වෙරළ තීරය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල සිට මීගමුව දක්වා කිලෝමීටර් 20 ක වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම ඊයේ (09) ආරම්භ විය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ අතර, පොලිසිය, ගුවන් හමුදාව, මීගමුව මහ නගර සභාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර නිලධාරීන් සහ සිවිල් සමාජ සංවිධානවල 3000කට අධික පිරිසක් සහභාගී වූහ.

මීගමුවේ පදිංචිකරුවන් මීගමුවේ වෙරළ තීරයේ විවිධ කොටස් පිරිසිදු කරමින් ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කළ අතර ඊට ජනතාව තම රට වෙනුවෙන් තම කාර්’ය භාරය ඉටු කරන අයුරු දක්නට ලැබුණි.

පෙරියමුල්ල ග්‍රාමීය ප්‍රදේශයේ (ප්‍රජා පොලිස් සංවිධානය) 159/A මුස්ලිම් ප්‍රජාව මෙම ව්‍යාපාරයේ සාර්’ථකත්වය සහතික කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව සඳහන් කළ යුතුය. අපගේ සුන්දර වෙරළ තීරය නැරඹීමට කැමති දෙස් විදෙස් සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා මෙය හොඳ ආරම්භයක් වන බව කිව යුතුය.

මෙම සිදුවීම් කැමරාවේ සටහන් කර ඇත්තේ පුරවැසි මාධ්‍ය සහ සංචාරක රියදුරු මොහොමඩ් සමීම් සුජායිල් මුනීර් විසිනි.