Home දේශීය පුවත් DeepSeek නම් AI යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණය ගැන චීනයෙන් ප්‍රතිචාර
Deepseek logo is seen in this illustration taken January 27, 2025. REUTERS/Dado Ruvic/Illustration
NEWSNOW | – DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ.
අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් මෙම යෙදවුම තහනම් කිරීමට තීරණය කර ඇත.
ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පැවසුවේ දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව සහතික කරන බවත්ය.
චීන රජය කිසිදු අයුරකින් නීති විරෝධීව දත්ත රැස්කිරීම හෝ ගබඩා කිරීම සිදුකර නොමැති බවද මෙහිදී පවසා තිබේ.
ඒ සඳහා අදාළ සමාගම්වලින් හෝ පුද්ගලයන්ගෙන් කිසිදු ඉල්ලීමක් හෝ කර නොමැති බව Guo Jiakun මෙහිදී පෙන්වා දුන්නේය.