පලස්තීනය විනාශ කිරීම මගින් ඇමරිකාව නැවතත් ලොව ශ්‍රේෂ්ඨ රටක් කිරීම

0
56

NEWSNOW | – ගාසා තීරයේ පලස්තීන වැසියන්ව ජෝර්’දානය සහ මිසරය භාර ගත යුතුය යැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබීමෙන්ම පලස්තීන ගැටලු‍වේ ස්වභාවය සහ කලාපයේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ට්‍රම්ප්ට වැටහීමක් නැති බව පැහැදිලි වෙයි.

පසුගිය කාලවල පලස්තීනුවන් පිරිසක් ජෝර්’දානයේ රැකවරණය පැතූ බව සැබෑය. ඒ නියම පලස්තීනුවන් නොව ඊශ්‍රායල ආක්‍රමණයට පෙර හාෂිමීය රාජධානියක්ව පැවති බටහිර ඉවුරේ ජෝර්’දාන පුරවැසියන්ම බව ට්‍රම්ප් නොදන්නා බවක් පෙනේ. එම කොටස ඊශ්‍රායලය ආක්‍රමණය කළ පසු එම ජෝර්’දාන වැසියන්ව දැනට ජෝර්’දානයට අයත් ජෝර්’දාන් නදියේ නැගෙනහිර ඉවුරට බලහත්කාරයෙන් යවන ලදි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය හුදෙක් ආවාට ගියාට කී දෙයක් නොව, ට්‍රම්ප්ට පෙර බලයේ සිටි ජෝ බයිඩන් විසින් ආරම්භ කරන ලද ඊශ්‍රායලය විසින් දියත් කරන ලද පලස්තීන වාර්’ගික සුද්දයට’ සහය දැක්වීමේ එක්සත් ජනපදයේ කුඨ උපායක කොටසක් බව පෙනේ. එය වනාහි ඊශ්‍රායල හමුදා බලය හරහා සම්පූර්’ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අසමත් වූ ආක්‍රමණ මෙහෙයුමකි.

පලස්තීන ජාතිකයන් මිලියන 1.5 ක් (එනම් ගාසා ජනගහනයෙන් සියයට 70 ක් පමණ) මිසරය විසින් භාර ගැනීම පිළිබඳව මිසරයේ ජනාධිපති අබ්දෙල් ෆතා අල්-සිසි සමඟ සාකච්ඡා කිරීම පිළිබඳව ට්‍රම්ප් සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේද ඔහුගේ අරාබි සහචරයින්ගේ ස්ථාවරය සහ ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර නීතිය නොසලකා මෙම අපරාධකාරී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් අදහස් කරන බවයි. මෙයින් අවධාරණය කරන්නේ එක්සත් ජනපදය ඊශ්‍රායලයේ හුදු ආධාරකරුවෙකු පමණක් නොව එහි ව්‍යාප්තිවාදී සහ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිවල මෙන්ම පලස්තීනයට එරෙහි අමානුෂික අපරාධ සඳහා වන සහචරයෙකු බවයි.

මෙහි හාස්‍යය දනවන කරුණ නම් පලස්තීන සංක්‍රමණිකයන් භාර ගන්නා ලෙස ජෝර්’දානයට සහ මිසරයට බල කරන ට්‍රම්ප් එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නන් වැළැක්වීමට ක්‍රියා කරමින් සිටීමයි. එයට වඩා ලොකු විහිළුව වන්නේ තමා සහ තම පවුල එක්සත් ජනදපයට සංක්‍රමණය වු පවුලක් බව ට්‍රම්ප්ට අමතක වී තිබීමයි. ඇමරිකාව ගොඩනැඟී ඇත්තේද එංගලන්තය ඇතුලු විවිධ රටවලින් සංක්‍රමණය වු මිනිසුන් මගින් බවද ට්‍රම්ප්ට අමතක වී ඇත. අනෙක් විහිළුව වන්නේ සංක්‍රමණිකයන්ව එක්සත් ජනපදයෙන් පළවා හරිමින් සිටින ට්‍රම්ප් පලස්තීනයේ නියම භූමි පුත්‍රයන් අසල් වැසි රටවලට සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ලෙස යවා පලස්තීනයට සංක්‍රමණය වු යුදෙව්වන්ට එම රට හිමි කර දීමට පොර කෑමයි.

මෙම පිස්සු මානසිකත්වය ට්‍රම්ප්ට පමණක් වැළඳුනු රෝගයක් නොවේ. ට්‍රම්ප් පමණක් නොව ඔහුට පෙර බලයට පත් වුණු සියළුම ජනාධිපතිවරුන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට මෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ආයතනවලට විවිධ බලපෑම් ඇති කරමින් සහ නිෂේධ බලය පාවිච්චි කරමින් ඊශ්‍රායලයේ නීති විරෝධී හා මානව විරෝධී ආශාවලට උල්පන්දම් දී ඇත හා පලස්තීනයේ සිවිල් වැසියන් සමුලඝාතණය කිරීමට ඩොලර් බිලියන සිය ගණනක අවිආයුධ සහ වෙනත් සහයෝග ලබා දී ඇත. මෙයට අමතරව සිය නිජබිම රැක ගන්නට සටන් වාදින හමාස් වැනි පලස්තීන සටන්කාමීන්ව සහ යුක්තියේ නාමයෙන් ඔවුන්ට සහය දක්වන හිස්බුල්ලාහ් වැනි සංවිධාන ත්‍රස්තවාදීන් ලෙස දැක්වීමට මෙන්ම මිහිපිට දැවැන්තතම නොමිනිස්කම සිදු කරමින් සිටින ඊශ්‍රායලය සුදනන් කරන්නටද එක්සත් ජනපදය සිය මාධ්‍ය ලොව පුරා මෙහෙයවමින් සිටියි.

පසුගිය මාස 15 ක පමණ කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලය සිය න්‍යශ්ටික සබ්මැරීන සීරුවෙත් තබා ගනිමින් සහ රාත්තල් 2000 හේ බෝම්බ් දහස් ගණනින් හෙළමින් ගාසාවෙහි රෝහල් පාසැල් මාර්ග පද්ධති ජල විදුලි පහසුකම් ඇතුලු සිවිල් ජන ජීවිතයට අවශ්‍ය යටිතල පහසුකම් සහ නිවාස ගොඩනැගිලි දහස් ගණනින් පොළොවට සමතලා කළේ එයින් පලස්තීන වැසියන් පළවා හැර එය අත්පත් කර ගැනීමේ ෆැසිස්ට්වාදි කුරිරු සැලැස්මෙහි එක් කොටසක් ලෙස බව ට්‍රම්ප් දැන් ජෝර්දානයට සහ මිසරය ඇතුලු අරාබි රටවලට ඉදිරිපත් කර ඇති පල්සීන වැසියන් අසල්වැසි රටවලට යැවීමේ විකාර යෝජනාවෙන් පෙනී යයි.

මේ සියලු සාධක 2023 ඔක්තෝබර් 7 වන දින සිදුවීම් වලින් ශුන්‍ය විය. එය ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද ප්‍රතිපත්තිවල සෘජු ප්‍රතිවිපාකයකි. ඔහුගේ මතවාදයන්ට පටහැනිව, ඔහුගේ ප්‍රතිපත්ති යුද්ධ නිවා දමනු වෙනුවට ව්‍යාකූලත්වය, දේශපාලන නොසන්සුන්තාව සහ කලාපීය යුද්ධයකට මුල පුරනු ඇත.

අද වන විට, පලස්තීනුවන් බලහත්කාරයෙන් අවතැන් කිරීම තවදුරටත් කුමන්ත්‍රණ න්‍යායක් පමණක් නොව, ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම් මූලධර්මවලට පැහැදිලිවම පටහැනි ඊශ්‍රායල – ඇමරිකානු සැලැස්මක් බව පැහැදිලි වී ඇත. මෙය එක්සත් ජනපදය සහ එහි සහචරයින් ගෝලීය විවේචනයට ලක් කර ඇති, ඔවුන්ගේ විශ්වසනීයත්වයට සහ ජාත්‍යන්තර ස්ථාවරයට හානි කර ඇති දෙබිඩි පිළිවෙතේ තවත් ජවනිකාවකි.

ඡන්ද පොරොන්දුවක් ලෙසිනි. ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ රටක් කිරීමක්’ ගැන ට්‍රම්ප් බෙරිහන් දුන්නද ඔහු බලයට පත් දින සිට කරමින් සිට්න්නේ ඇමරිකාව වළපල්ලට යැවීමයි. ලොව ආර්ථික බලවතෙක් වන චීනය නොහොඳ කර ගත්තාට අමතරව අසල්වැසි හා ඓතිහාසික මිතුරෙකු වන කැනඩාවද ට්‍රම්ප් දැන් සතුරෙක් කර ගෙන සිටියි. ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරන බවක් හෝ එය මිල දී ගන්නා බවක් කියමින් එය හිමි ඩෙන්මාර්කය කෝප ගන්වා මුලු යුරෝපා හවුලම ට්‍රම්ප් සතුරු කර ගෙන සිටියි. එපමණක් නොව මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට පැමිණෙන සංක්‍රමණිකයන් නිසා මෙතෙක් කල් එරටට සිදු වුනු සේවය ට්‍රම්ප් වටහා ගන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එවන් අඩු මිල ශ්‍රමිකයන් නිසා එක්සත් ජනපදයේ ගොවිපළවල සහ කර්මාන්ත ශාලාවල සිදු වුනු කාර්ය භාරයට වෙන කිසිවෙක් නැති නිසා ඒ සියලු කටයුතු දැන් අඩාල වී ඇමරිකානු ගොවිපළ සහ කර්මාන්ත හිමියන් ට්‍රම්ප්ට ශාප කරන්නට පටන් ගෙන ඇත. ට්‍රම්ප් බලයට පැමිණ සතියක් ඇතුලත ගත් පියවර නිසා ලෝකයේ ඇමරිකාවේ කීර්ති නාමයද දැඩි ලෙස අවපාතයට ලක්ව ඇත. ආර්ථික අවපාතය නිවුන් සොහොයුරෙකු මෙන් එයට පස්සෙන් එන්නට නියමිතය.

කෙසේ වෙතත් සමූලඝාතන කුමන්ත්‍රණ ගණනාවකටම පසුගිය දශක අටක පමණ කාලයක් මුහුණ දී හොඳට තෙම්පරාදු වී සිටින පලස්තීන ජනතාව සහ ඔවුන්ට නායකත්වය දෙන හමාස් වැනි සංවිධාන මෙන්ම සහය දෙන හිස්බුල්ලාහ් ඇතුලු ඉරානය වැනි නිර්භී අනුග්‍රාහකයන් ට්‍රම්ප් වැනි උන්තමත්තකයෙකුගේ තප්පුලෑම් තඹ දොයිතුවකට මායිම් නොකරති.

සුප්‍රකට යුදෙව් ජාතික ඉතිහාසඥයෙක් වන ඉලාන් පාපේද පසුගිය දින පැවසුවේ වාසනාවකට ට්‍රම්ප් වැනි පිස්සන්ට කියන දේ කිරීමේ හැකියාව සහජයෙන් පිහිටා නැති බවයි.