ජාතික සමඟියට අර්’ථවත් පණිවිඩයක් ලබා දුන් පුත්තලම දිස්ත්‍රික් නිදහස් දින සැමරුම

0
59

NEWSNOW| – 77 ජාතික ජාතික නිදහස් දිනය මෙවර ” යන තේමාව යටතේ අද දිනයේ රට පුරා උත්සව පැවැත්විණි.

ඒ අනුව ඊයේ(04) දිනයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති නිදහස් දින සැමරුම විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විය.

එය පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්’ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා ගේ සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්’යාලය සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඊට සහභාගීවී සිටි අතර පාර්’ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා විසින් ජාතික කොඩිය එසවීමෙන් උත්සවය ආරම්භ කෙරුණි. ජාතික කොඩිය එසවීමේදී පාර්’ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා කැඳවාගෙන ආවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.බී.පී හේරත් මහතා විසිනි.

ඉන් පසුව මියගිය ජාතික විරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

ආණමඩු, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල සහ පුත්තලම සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් සහ හින්දු විද්‍යාලය, ෆාතිමා කාන්තා විද්‍යාලය ඇතුළු පාසල් සිසු සිසුවියන් විසින් අගනා කලා හා සංස්කෘතික අංග කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණි.

පුත්තලම සෙන් ඇන්ඩෲස් පාසලේ සිසු සිසුවියන් ජාතික ගීය ගායනා කළ අතර පුත්තලම ආනන්ද ජාතික පාසලේ සිසු සිසුවියෝ ආශිර්වාද ගීතය ගායනා කළහ.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් හේරත් මහතා පිළිගැනීමේ කතාව සිදු කල අතර ආරාධිත දේශනය පුත්තලම දිස්ත්‍රික් පාර්’ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ගයාන් ජානක සහ මුහම්මද් ෆයිසාල් මහතා විසින් සිදු කරන ලදී.

මෙම උත්සවයට පුත්තලම දිස්ත්‍රික් පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපනඥයින්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්, පුත්තලම නගර සභාවේ නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එන්.එම්.සනූන්