නව රජයේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි

0
159

NEWSNOW | – ජාතික නිවාස සංවර්’ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රණතුංග මහතා පෞද්ගලික හේතු දක්වමින් මෙලෙස ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්’තා වේ.

නව රජය පත් කිරීමෙන් පසු ඉල්ලා අස්වන තුන්වන රාජ්‍ය ආයතන සභාපතිවරයා බවට රණතුංග මහතා පත්වේ.

ජනවාරි 29 වන දින ලංකා ප්‍රවාහන මණ්ඩලයේ සභාපති රාමල් සිරිවර්ධන මහතා ද ඉල්ලා අස්වූ අතර, ආචාර්’ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා මෑතකදී ජාතික රූපවාහිනී ජාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.