අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල පහළට

0
145

NEWSNOW | – අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල පහළ දැමීම ලංකා සතොස පියවර ගෙන තිබේ.

අද (30) සංශෝධිත මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන අතර දිවයින පුරා ඇති සියලු ම ලංකා සතොස අලෙවිසල් මගින් එම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය දැනුම් දෙයි.

ඒ අනුව ඒ අනුව, ලොකු ළූණු (ආනයනික) කිලෝග්‍රෑම් එකක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 220කි. මීට පෙර ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් පැවතියේ රුපියල් 230ක මිලකට ය.

පාන් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇත.ඒ අනුව, රුපියල් 175ක්ව පැවති පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 165ක් දක්වා පහළ දමා තිබේ.

රුපියල් 240ක පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 235කි.

රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 3කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 285කි. මීට පෙර රතු පරිප්පු කිලෝවක මිල පැවතියේ රුපියල් 288කට ය.

තව ද, සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක මිල රුපියලකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 209කි.