කුරින්ජාකර්’නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කෙරේ

0
36

NEWSNOW | – කින්නියා, කුරින්ජාකර්’නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්’ථික කටයුතු අමාත්‍යංශය ලේකම් මහින්ද සිරිවර්’ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ අබ්දුල් මොසෙන් මහතා විසින් ඊට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීම සිදුකර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්’ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ එමගින් ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

පේරාදෙණිය, බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට නියමිතය.