NEWSNOW| – පසුගිය 11 වනදා ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවියගේ පියා සියල්ල මාධ්‍ය වෙත හෙළි කර තිබුණි.
ඔහු පවසා ඇත්තේ තම දියණිය හා සැකකරු අතර කිසිදු ප්‍රේම සබඳතාවයක් නොමැති බවය.
දියණිය පැහැරගත් සැකකරු තම ඥාති පුත්‍රයෙක් වුවත් සෙසු දෙදෙනා පිළිබඳ නොදන්නා බවද පියා පවසා ඇත.
මෙම පැහැර ගැනීම හුදෙක් කප්පම් ලබා ගැනීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවද ඔහු සඳහන් කළේය.
සිසුවිය පැහැරගත් සැකකරු අම්පාර පොලිස් නිලධාරින් විසින් ඊයේ (13) රාත්‍රියේ දවුලගල පොලීසිය වෙත භාර දී තිබේ.
සැකකරු සහ සිසුවිය ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.